වෙබ් පුවත් බොරු ශී‍්‍ර ලංකාවේ පෙට‍්‍රල් හිඟයක් නෑ

141

ශ‍්‍රී ලංකාවේ පෙට‍්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නැති බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා නිවේදනය කර සිටී. එම නිවේදනය මෙසේය.
 
 ශ‍්‍රී ලංකාවේ නුදුරු දිනයක පෙට‍්‍රල් හිඟයක් ඇති වන බවට වෙබ් අඩවි පළ කර ඇති ප‍්‍රවෘත්තියට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ අවධානය යොමු විය. අද වන විට දින 30කට ප‍්‍රමාණවත් පෙට‍්‍රල් තොග රට සතුව පවතියි. තවත් දින 13කින් එනම් ජුලි 19 දින මෙටි‍්‍රක් ටොන් 35,000ක පෙට‍්‍රල් සහිත නැවක් ලංකාවට පැමිණීමට නියමිතය.
 
 එබැවින් ශ‍්‍රී ලංකාවේ පෙට‍්‍රල් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බවට පතුරන කතා පදනම් විරහිත බවත්, ඒ පිළිබඳ ජනතාව කලබල වීමට අවශ්‍ය නොවන බවත් බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment