වෙබ් සයිට්වල ගිය කතාව බොරු – ෂෙහානි කහදවල

433

සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයෙන් ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන්ගේ අධ්‍යක්‍ෂණයෙන් විකාශනය වන ‘පාර වසා ඇත. ටෙලි නාට්‍යයේ නිත්‍යා වීරසිංහ කියන චරිතයෙන් අද දවසේ අපට ඇයව මුණ ගැසෙනවා. පුංචි තිරයේ හැමදාම කටකාර දඟකාර පෙම්වතියගේ චරිතයකින් ඔබ හමුවට ආ ඇය ෂෙහානි කහ`දවලයි. මේ ඇගේ හඬයි.

 * ‘පාර වසා ඇත. නිත්‍යාට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

 මේ දිනවල කතාව පටන්ගත්තු මුල නිසා තවම මගේ චරිතය හරියට එළියට ඇවිත් නැහැ. දැනට හො`ද ප‍්‍රතිචාර ලැබෙනවා.

 * ෂෙහානි හිස මුඩු කළා කියන කතාව ඇත්තද?

 ඇත්තට ම හිස මුඩු කළේ නැහැ. අනික කරන්නත් බැහැ. මොකද තවත් නිර්මාණ කිහිපයක් භාරගෙන තියෙනවා. නමුත් මේක හොඳ අත්දැකීමක්.

 * ඒ වුණාට කට්ටිය කතා කරලා ඇහැව්වා නේද කොණ්ඬේ කැපුවානේ ද කියලා?

 විවිධ වෙබ් සයිට්වලින් මම කොණ්ඩෙට එක එක දේවල් කළා කියලා තිබුණා. නමුත් ඒක ඇත්ත නෙමෙයි. ගොඩක් අය කතා කළා ඇත්තට ම ඒක ටි‍්‍රක් එකක්.

 * නිත්‍යා හින්ද බොක්සිං ගහන්නත් පුරුදු වුණා නේද?


 ඔව්. වෙනම බොක්සිං ක‍්‍රීඩාව වෙනුවෙන් පුහුණුව ලැබුවා. හරියට පුහුණුවීම් වෙන්න ඕනෑ. මොකද මම ක‍්‍රීඩා කරලා නැහැ. ඒක වෙනම ඇත්දැකීමක්.

වෙබ් සයිට්වල ගිය කතාව බොරු - ෂෙහානි කහදවල



 * ඉස්කෝලෙ යන කාලෙවත් ක‍්‍රීඩා කරලා නැතිද?

 නැහැ. මම ඉස්කෝලේ යන කාලෙවත් ක‍්‍රීඩා කරලා නැහැ.

 * කොහොම ද මේ අත්දැකීම?


 ඇත්තට ම ගොඩක් සතුටුයි. ටෙලිනාට්‍යයක් නිසා ක‍්‍රීඩාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඒක අමුතුම අත්දැකීමක්. මම සාමාන්‍යයෙන් හරි කම්මැලයි. ක‍්‍රීඩාවට මම නැඹුරු නැහැ. මම ශිවගුරුනාදන් මහත්මයා මේ නාට්‍යයට කතා කරපු ගමන් හා කිව්වේ ඒකාකාරී චරිතවලින් මිදෙන්න ඕනෑ හින්දා.

 * පෙම්වතියගේ චරිතයෙන් මිදුණු එක ගැන මොකද හිතන්නේ?

 මේ නාට්‍යයේ පෙම්වතියගේ චරිතය තියෙනවා හැබැයි ලොකුවට නැහැ. එක එක කතාවල හැටි. ඒ චරිතනේ මට ලැබෙන්නේ වෙනස් නිර්මාණයක් හින්ද පාර වසා ඇතට මම කැමැතියි.

 * දැන් ඇත්තට ම බොක්සිං ගහගන්න පුළුවන්ද?

 පුළුවන්. එහෙම ලොකුවට බැහැ. සාමාන්‍යයෙන් ටිකක් දන්නවා.

 * ගුටිකන්නේ නැතිව බේරෙන්න පුළුවන්?

 ඔව්. ගුටි කන්නේ නැතිව බේරෙන්න පුළුවනි.

 * බිහිසුණු අත්දැකීම් නැතිද?

 බිහිසුණු අද්දැකීම් තියෙනවා. ඒවා කියන්න තමයි බැරි. මේ වගේ සාකච්ඡුාවක දී ඒ වගේ අත්දැකීම් විස්තර කරන්න අමාරුයි.

 * ෂෙහානිට ලැබෙන වෙනත් නිර්මාණ?


 වෙනත් නිර්මාණ ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. තවත් ටෙලි නාට්‍යයක වැඩකටයුතු මේ දිනවල සිදුකරගෙන යනවා. ඒකත් නුදුරේදීම ඔයාලට දැකගන්න පුළුවන් වේවි.

 * කොච්චර කාලයකට පස්සේ ද ටෙලිනාට්‍යයක් විකාශනය වෙන්නේ?

 අවුරුද්දක විතර පස්සේ.

 * විරාමයෙන් පසු ලැබුණ වෙනස ගැන කතා කළොත්?

 හොඳ පිළිගැනීමක් තිබුණා. කොහොමත් මගේ අවුරුද්දක විතර විරාමයක් එනවා නැතිනම් පොඩි විරාමයක් ගන්නවා. එක දිගට ගෙදර ඉඳලා වැඩත් එක්ක කාර්ය බහුලවීම හොඳයි කියලයි මට හිතෙන්නේ.

 *ගීතයක් එළිදක්වනවා කිව්ව වැඬේට මොකද වුණේ?

 මේ කාලයේ එළිදක්වන්න තමයි හිතාගෙන හිටියේ. තව පොඞ්ඩක් වගේ කල්යයි. මොකද හැමදේම හොඳට හොයලා බලලා කරන්න ඕනෑ. ලස්සන වැඩක් කළොත් තමයි හැමෝම කතාබහ වෙන්නේ.

 * රංගන ජීවිතය ගැන මොකද හිතන්නේ?


 රංගන ජීවිතය හොඳයි. ප‍්‍රශ්නයක් නැහැ. පුළුවන් තාක්කල් තව තව හොඳ නිර්මාණවලට දායකවෙන්න තමයි කැමැති.

 * ලැබෙන ජනපි‍්‍රයත්වය කොහොමද විඳගන්නේ?

 ඇත්තටම ගොඩක් සතුටුයි මඟ තොටේදී පේ‍්‍රක්‍ෂකයෝ ඇවිත් අහනකොට ආදරෙන් කතා කරන කොට ලෙන්ගුකමක් දැනෙනවා. හරි ආදරයක් හිතෙනවා. තමන්ගේම මිනිස්සු කියලා හිතෙනවා. ඒකට වාසනාවන්ත වෙන්න ඕනෑ. හැම කෙනෙකුටම ඒ ආදරය හම්බවෙන්නේ නැහැ. නිළියක් වෙන්න වාසනාවන්ත වෙන්න ඕනෑ.

 * ආපහු නිවේදනයට ආරාධනා නැතිද?


 නිවේදනයට ආරාධනා තියෙනවා. මොකද මම ක්‍ෂේත‍්‍රයට එන්නෙත් නිවේදිකාවක් විදිහට. 2017 වසරේ මම නිවේදනය කළා හිරු ටීවී ආයතනයේ. රියැලිටි වැඩසටහනකට. අදටත් නිවේදනයට ආරාධනා ලැබෙනවා. හිමින් හිමින් හැම වැඩක්ම කරගෙන යනවා.



 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment