වෙරළ වොලිබෝල් කිරුළ ශ්‍රී ලංකාවට

396

ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඊයේ (28 වැනිදා) සමත් විය.

අවසන් මහා තරගයේ දී නේපාල වෙරළ වොලිබෝල් කණ්ඩායම 21/11ක් ලෙස වට දෙකේදීම පරාජය කරමින්

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම මෙම ජයග්‍රහණයට හිමිකම් කීය.

ශ්‍රී ලංකා යුද හමුදවේ චතුරිකා මධුෂානි සහ වරාය අධිකාරියේ දීපිකා බණ්ඩාර ක්‍රීඩිකාවෝ මෙම ශූරතාවයට හිමිකම් පෑහ. ශ්‍රී ලංකාව එම තරගාවලියේදී මූලික වටය යටතේ බංග්ලාදේශය 21/08ක් සහ 21/05ක් ලෙස පරාජය කරන ලදී. එහි දෙවන තරගයේදී උස්බෙකිස්තනය හමුවේ ද ශ්‍රී ලංකාව 2-0 ක ජයග්‍රහණයක් ලබාගත් අතර එහි ලකුණු සටහන් වූයේ 21/11 ක් සහ 21/09ක් ලෙසය.

නැවතත් අවසන් පූර්ව තරගයේදී උස්බෙකිස්තනය හා තරග කළ ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම එම තරගයේ දී 21/08 ක් සහ 21/09ක් ලෙස ජයග්‍රහණය කර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

තරගාවලිය බංගලාදේශයේ දී පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment