වෙරිමරගාතේ පෙට‍්‍රල් වෙනුවට පොල්තෙල් විකුණලා

437

කලක් ඩිපෝවේ වැඩ කළ පෙමියානු විශ‍්‍රාම ගත්පසු සිල්ලර වෙළෙඳසැලක් පටන් ගත්තේ ඔහුගේ ගමේය.

ලූණු කැටයේ සිට සිල්ලර හාල්, පොල්, අයිස්ක‍්‍රීම් දක්වා සෑම සිල්ලර බඩුවක්ම සහිතව ආරම්භ කළ වෙළෙඳ සැලට ගමේ කොයි කවුරුත් බඩු ගන්නට ආවේ පෙමියානු හිතහොඳ අයකු වූ නිසාය.

දින සති බවට හැරී ගියේය. ගමේ කොයි කවුරුත් අල්ලාප සල්ලාපයේ යෙදුණේ මේ අලූත් කඩපිලේ සිටය. කසිස්පු ටිකක් බීගත් අයත් ගමේ ඕප¥ප දොඩවන අයගෙත් පොදු නවාතැන් පොළ බවට පෙමියානුගේ වෙළෙඳ සැල පත්වගියේ ඒ අයුරිනි.

ලද නිදහසින් කුරුල්ලෙක් මෙන් හැසිරෙන්නට ගත් පෙමියානු දහවල් කෑමට පෙරත් රාත‍්‍රියෙත් අඩියක් ගසන්නට ගත්තේ ගමේ බේබදු සංගමයේ සාමාජිකයෙක් වූ පසුවය. බිරිඳගෙනුත් දරුවන්ගෙනුත් වෙන්ව ගමේ ගෑණු පිරිමි අතර ජීවිතය හරි සොමි යැයි ඔහුට සිතුනේ ඉන් පසුවය.

අඩි ගසා වෙළෙඳාම් කිරීම වේදිකාවක හෙළුවෙන් නටනවා වැනි වැඩකි. ඒ බය ඔහුට නොතේරුණත් කඬේට යන එන අයට ඒ බව තේරුම් ගියේ සැණිනි.

රෙදි සෝදන කුඩු වෙනුවට කිරිපිටි පැකට්ද ලූණු ඉල්ලූ විට බී ලූණු දෙන්නටත්, බඩු දෙක තුනක් ගත්පසු ගාණ හදාගන්නටත් බැරිව මුදලාලි ද`ගලන හැටි දුටු කපටි ගෑණු කඬේ හිස් කරන්නට ගත්තේ බොරදියේ මාළු බාමිනි. මේ අතර ඊයේ පෙරේදා දිනක තරුණයකු කඬේට ආවේය. මුදලාලි පෙට‍්‍රල් බෝතලයක් දෙන්නේකො තරුණයා එන අවස්ථාවේ පෙමියානු දෙකක් දාගෙන සිටියේය.

පෙට‍්‍රල් බෝතලය ගෙන යතුරු පැදියේ ටැංකියට දැමූ පසු අතදිගේ තෙල් බේරෙන අයුරු දුටු තරුණයා අත නහයට ලං කළේ ඇතිවූ සැකය නිසාය.

මේ පෙට‍්‍රල් නෙවෙයිනෙ මුදලාලි පොල්තෙල්නෙ දීලා තියෙන්නේ. තරුණයා මුදලාලිගේ කනට ගැසුවේ වෙරිව සිටි මුදලාලිගේ වෙරි බිංදුවට බස්සමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment