වෙරෝනා නගර සභා ඡන්දයට චින්තක අබේසේකර තරග කිරීම ශ්‍රී ලංකාවට අභිමානයක්

264

බ්‍රේෂියා බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතෝගල ධම්මික හිමි

ශ්‍රී ලාංකිකයකු වූ චින්තක අබේසේකර මහතා වෙරෝනා නුවර නගර සභාවට තෝරා පත්කර ගැනීමට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන ලෙස වෙරෝනා නුවර පදිංචි සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා යැයි ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ඉතාලියේ අධිකරණ සංඝ නායක පූජ්‍ය වතෝගල ධම්මික හිමිපාණන් පැවසූහ.

මේ මස ඉතාලියේ වෙරෝනා නුවර නගර සභා ඡන්දයට තරග කරන කුරුණෑගල මුත්තෙට්ටුගල ගමෙන් එහි ගොස් පදිංචිව සිටින චින්තක අබේසේකර මහතාට සෙත් පතමින් බ්‍රේෂියා බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ආගමික පිංකමේදී අනුශාසනාවක් කරමින් ධම්මික හිමිපාණන් මේ බව පැවසූහ.

අබේසේකර මහතා ඉබ්බාගමුව ආදර්ශ මහා විiාලයේ හා කුරුණෑගල ශාන්ත ආනා විiාලයේ ආදි ශිෂ්‍යයෙකි. අනුශාසනාව කළ එම පිංකමේදී ධම්මික හිමිපාණන් මෙසේද කීහ.

වෙරෝනා නගර සභා ඡන්දයට චින්තක අබේසේකර තරග කිරීම ශ්‍රී ලංකාවට අභිමානයක්

වෙරෝනා නුවර සිට මෙහි පැමිණි චින්තක අබේසේකර එහෙම නැත්නම් බින්දු මල්ලි අපි වසර 20ක කාලයක සිට හඳුනනවා. අපිට මෙන්ම පන්සල සම්බුද්ධ ශාසනයටත් සමාජයේ සිදුවන ආගමික සමාජ සේවා කටයුතුවලදීත් ඔහු කැපවී නොමසුරුව ක්‍රියා කර තිබෙනවා. නිවේදකයකු හා කලාකරුවකු සාහිත්‍යයට ලේඛන කලාවට චිත්‍ර ශිල්පයට ලැදි දක්ෂතා ප්‍රකට කරන කෙනකු හැටියටත් ඔහු තුළ තිබෙන ප්‍රතිභාව අපි දන්නවා.

ඉතාලියේ වෙරෝනා නුවර නගර සභාවේ ඡන්දය ලබන 12 වැනිදා පැවැත්වෙනවා. චින්තක අබේසේකර මහතා තරග කරනවා. එතුමා වැනි ශ්‍රී ලාංකිකයකු එම නගර සභාවට තෝරා පත්කර ගැනීමට හැකි වුණොත් එය අපටත් රටක් හැටියටත් මහත් ආඩම්බරයක්. අපි ඊට උපරිම ලෙස සහයා ආශිර්වාදය පළ කරනවා. ශ්‍රී ලංකාවෙන් මෙහි ඇවිත් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වෙලා නගරාධිපති ෆ්ලෝවියෝ තෝසි මහතාගේ ද ආරාධනයෙන් එවන ජන වරමක් ලබාගන්න අවස්ථාව සලසා ගැනීම විරල අවස්ථාවකි.

අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා වෙරෝනා නුවර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් එතුමාට තම ඡන්දය ලබාදෙන ලෙස. ශ්‍රීලාකිකයන් වෙනුවෙන් දැනටමත් නගර සභා මට්ටමින් ඔහු මැදිහත්වී ක්‍රියා කර තිබෙනවා. අපේ ජනතාවට මෙහි සිට විය යුතු බොහෝ දේ එතුමා හරහා අපට කර ගත හැකි වෙනවා. බ්‍රේෂියා බෞද්ධ මධ්‍යස්ථානය හැටියටත් දායක සභාවත් එතුමන්ට උපරිම සහාය ප්‍රකාශ කර සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment