වෙල්ලස්සේ ගොවි ඉඩම් බේරාගැනීමේ සටනෙහි නීතිඥයාගේ ජීප් රථයට ගල් ප්‍රහාරයක්

114

මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ නීතීඥවරයකු ලෙස කටයුතු කරන මොනරාගල හුලංදාව දකුණ පදිංචි ඉන්දික අත්තනායක මහතාගේ නිවස ඉදිරිපිට නතරකර තිබූ පෞද්ගලික ජීප් රථයට ඉකුත් දිනෙක රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ලකර ඇත.

එම අවස්ථාවේ නීතීඥවරයා නිවසේ සිට නැත. ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන නීතීඥවරයා වෙල්ලස්සේ ගොවි ජනතාවගේ පාරම්පරික ඉඩම් බේරාගැනීමේ සටනෙහි සහ අරගල ව්‍යාපාරයේ සක්‍රියව නිරතව සිටි අයෙකි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment