වෙල්ලාලගේට මාලිංගගෙන්  ‘සප්‍රයිස්’ එකක්

561

ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති එක්දින තරගාවලියේ තරග 5කදී කඩුලු 9ක් දවා ගැනීමට සමත්වූ දුනිත් වෙල්ලාලගේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. ඒ අනුව මෙම තරගාවලියේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යැවීමේ ක්‍රීඩක ලසිත් මාලිංග විසින් වෙල්ලාලගේට තරගාවලිය අවසානයේදී තිළිණයක් ප්‍රධානය කිරීමට කටයුතු යොදා තිබිණි.

වෙල්ලාලගේට මාලිංගගෙන්  ‘සප්‍රයිස්’ එකක්

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයේදී පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දුනිත් වෙල්ලාලගේ එම තරගයේදී සිය පළමු ජාත්‍යන්තර එක්දින කඩුල්ල ලෙසින් ඔස්ටේ්‍රලියා සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් දවා ගැනීමට සමත්විය. ඒ අනුව එම කඩුල්ල දවාගත් පන්දුවට ස්ටීව් ස්මිත්ගේ සහ අදාළ තරගය විනිශ්චය කළ විනිසුරුවරුන් දෙදෙනාගේ අත්සන යොදා තිළිණයක් ලෙසින් වෙල්ලාලගේට පිරිනැමීමට ලසිත් මාලිංග කටුයතු කළේය.

වෙල්ලාලගේට මාලිංගගෙන්  ‘සප්‍රයිස්’ එකක්


ඔස්ටේ්‍රලියාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

 දෙරට අතර පැවැති අවසන් සහ පස්වැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් පන්දු වාර 43.1කදී මුළු ලකුණු 160කට දැවී ගියේය. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය සංචාරක කණ්ඩායම පන්දු වාර 39.3කදී කඩුලු 6ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

 එම තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සිය එක්දින දිවියේ වැඩිම ලකුණු වාර්තා කරමින් පන්දු 75කදී ලකුණු 75ක් රැස් කළේ තරගයේ වීරයා බවට පත් වෙමිනි.

 තරගාවලිය පුරා වැඩිම ලකුණු රැස් කළ කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා බවට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment