වෙලාවක්, කලාවක්, තැනක් නොතැනක් නැති අමුතු තාලයේ නින්දක්

307

නින්ද දින චරියාවේ අත්‍යවශ්‍ය කොටසක්. නමුත් ඔබ ඇවිදින විට ඉබේටම නින්ද යන තත්ත්වයකට පත් වුණොත් එය අනතුරුදායක තත්ත්වයක්. රිය පදවන විට ඇති වෙන නින්ද බොහෝ අනතුරුවලට මග කියන බැව් ඔබ දන්නවා. ඒ නිසා නින්දටත් තැනක් නොතැනක් රටාවක් අවශ්‍ය බැව් අවිවාදයෙන්ම පිළිගත යුතුයි.

එහෙත් කසකස්ථානයේ “කලාවි ” නමැති ගම්මානයේ මිනිසුන් නිද්‍රාරෝගය නමැති අබිරහස් නින්දකට පත් වෙන බැව් ඔබ අසා තිබෙනවාද..? 2013 වසරේ මේ ගැන ආන්දෝලනාත්මක පුවත් ඇසෙන්නට වුණා. මේ නගරයේ ජීවත් වුන පුද්ගලයන් 150 ක් පමණ දෙනා මේ අබිරහස් නින්දට පත් වූ බැව් වාර්තා වෙනවා. කන, බොන, ඇවිදින ඕනෑම අවස්ථාවක මේ නින්දට පත් වෙන ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තුළත් විවිධ වෙනස්කම් දක්නට ලැබුන බැව් මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී ගොස් තිබුණා. පුද්ගලයන් ඇවිදින විට පවා නින්දෙන් පසු වෙනවා. සාමාන්‍ය නින්දකදී වගේම ගොරවනවා. ඒ අතර ඔවුන්ගේ රුධිර පීඩනය ඉහළ යෑම, හිසරද තත්ත්වය වැනි රෝග ලක්ෂණත් දක්නට ලැබුන බැව් වාර්තා වී තිබෙනවා. නින්දෙන් අවදි වූ පසුව බොහෝ දෙනකුට සිදු වුණේ කුමක්දැයි අමතකයි.

බාල මහලු පමණක් නොව සතුන්ටත් පොදු තත්ත්වයක්….

මේ කලාපයේ ආශ්‍රය ලබන බාල මහලු, මෙන්ම සතුන්ටත් වෙනසක් නොමැතිව අබිරහස් නින්දට පත් වීමට අවස්ථාව ලැබී තිබෙනවා. රුඩොල්ෆ් බොයාරින්ස් මහ මීෂා ප්ලයික්හින් නමැති පාසල් දරුවන් “ප්‍රවුඩා” පුවත් සේවයට ඔවුන්ගේ අත්දැකීම් කියා තිබුණේ මේ විදිහටයි.

අපිට හොඳටම නින්ද ගියා. ඒ නින්දෙන් අපි අමුතු දේවල් දැක්කා. පියාඹන අශ්වයන් අහසේ ගියා. නාගයින් සහ පණුවන් අපේ ඇඳ පැත්තක සිටියා. ඔවුන් අපේ අත සපා කෑවා. යෙල්නා සවරොස්කෝවා ඇගේ සුරතල් බළලා නිද්‍රාවට පත් අන්දම “වර්මියා ” පුවත් සේවයට මෙසේ සඳහන් කර තිබුණා. අපේ සුරතල් බළලා අමුතු අන්දමින් හැසිරෙන්න පටන් ගත්තා. බිත්තියට පනින්න, අපේ නිවසේ බිත්තිවලට, ගෘහ භාණ්ඩවලට පවා පහර දෙන අමුතු හැසිරීමකින් පසු බළලා නිදා ගත්තා. සිකුරාදා නින්දට ගිය බළලා නැවත අවදි වුණේ සඳුදා. නින්දෙන් අපි වගේම ගොරවන්නත් පටන් ගත්තා.

මේකට හේතුවක් ඇති….?

ඇඳට ගියත් සමහර විට නොඑන නින්ද මේ අන්දමින් අමුතු රටාවක් ඇති වීමට බලපාන්නත් හේතුවක් ඇති. ඒ ගැන සිදුවුණු අධ්‍යනයන් මගින් මේ විදිහට අදහස් ඇති වුණා.

අක්මා රෝගීන්ගේ විෂ අවශෝෂණය නොහැකි වුණ විට ඇති වෙන මොළයේ සංකූලතාවන් හෙවත් “එන්සෙෆෙලෝපති” තත්ත්වයක් විය හැකියි සමහරු කීවා. අවතාර වැනි අද්භූත බලපෑමක් වෙන්නත් පුළුවනි. තවත් කෙනෙක් උපකල්පනය කළා. ඒ අතර තවත් අයගේ අනුමානය වූයේ මෙම ගම්වැසියන් පානය කරන ලද වොඩ්කා පානය නිසා මෙම නිද්‍රා රෝගය ඇති වුණ බවටත් අනුමාන ගොඩ නගා ගෙන තිබෙනවා.

අවසානයේදී තේරුම් ගියේ මෙහෙමයි..

සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග “ක්‍රැස්නගොරොස්” ප්‍රදේශයේ පිහිටි පතල් කර්මාන්තය අභාවයට ගිය අතර 6500 ක් පමණ දෙනා ජීවත් වුණ පිරිස් මෙම නගරය හැර යෑමත් මෙහි පදිංචි පිරිසේ සංඛ්‍යාත්මක අඩු වීමක් ඇති වුණා. මිනිසුන් මේ අන්දමින් නිද්‍රාවට පත් කරන තත්ත්වය පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයන් වෙනුවෙන් ඒ අවට නිවාස 7000 කට වඩා වැඩි සංඛ්‍යාවක් තෝරා ගත්තා. නමුත් ඔවුන් උපකල්පනය කළ පරිදි බැර ලෝහ සාන්ද්‍රනයක් හෝ ලවණ තත්ත්වයක් හඳුනා ගැනීමට නොහැකි වුණත් ඇතැම් නිවාසවල රේඩියම් මට්ටම ඉහළ අගයක පැවතීමත් මෙම අධ්‍යනය ඉදිරියට ගෙන යෑමට හේතු වී තිබුණා.

ඒ අතර කසකස්ථානයේ ජාතික න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ විකිරණ ආරක්ෂාව පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ සර්ජි ලුකෂෙන්කෝගේ අවධානය යොමු වුන වැදගත් සංසිද්ධියක් තිබුණා. ඔහු පෙන්වා දුන් අන්දමට කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රො කාබන් ඉහළ සාන්ද්‍රණයකින් සමග ඉතා අඩු ඔක්සිජන් අගයකින් යුක්ත අමුතු තාලයේ සංයෝජනයක් ඉහළ අහසේ නිර්මාණය වී තිබුණා.

පතල් ප්‍රදේශයට බලපෑම් ඇති කළේ නැහැ….

ඒ අතරම මෙම වායුගෝලීය තත්ත්වය මගින් වායු සංයෝජනයේ මූලාරම්භය සිදු වුණ ක්‍රැස්නගෝරස් පතල් නගරයට කිසිදු ලෙසකින් බලපෑම් ඇති කළේ නැහැ. නමුත් මෙම වායු සංයෝජනය නිසා කලාවි නගර වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඇති විය හැකි අවදානම සලකා බලමින් ඔවුන්ට නව නිවාස සහ රැකියා ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරනු ලැබුවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment