වෙසක්, පොසොන් සමරමින් ලංකා බැංකුවෙන් පිංකම් මාලාවක්

115

ලංකා බැංකුවේ බෞද්ධ සංගමය සහ ලංකා බැංකු කාර්ය මණ්ඩලය එක්ව මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘වෙසක් බැති ගී සරණිය‘ ලංකා බැංකු ප්‍රධාන කාර්‍යාලයේ දී පැවැත්වුණු අතර, පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘මුනිගුණ වරුණ‘ බැති ගී සරණිය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී පැවැත්විණි.

ලංකා බැංකුවේ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම බැති ගී සරණිය ලංකා බැංකු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හා හිටපු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් මෙහෙයවනු ලබන අතර, එය සියලු දෙනාගේ ආකර්ෂණය දිනාගත් වැඩසටහනකි.

නුවරකලාවිය ප්‍රධාන සංඝ නායක, රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම බැති ගී සරණිය සඳහා අනුරාධපුර මහ දිසාපති ජේ. එම්. ජේ. කේ. ජයසුන්දර, ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ විජේවර්ධන, ලංකා බැංකුවේ මහා කළමනාකාර සහ ලංකා බැංකු එක්සත් බෞද්ධ සංගමයේ ගරු සභාපති කේ. ඊ. ඩී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකාර (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා, උතුරු මැද පළාත් සහකාර මහා කළමනාකාර මහින්ද බණ්ඩාර හා සහකාර මහා කළමනාකාර (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ. එමෙන් ම එම වැඩසටහන සඳහා ලංකා බැංකු එක්සත් බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සාමාජික මහත්ම මහත්මීන් සහ ලංකා බැංකුවේ උතුරු මැද පළාත් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ නොමඳ සහයෝගය ද හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment