වෙස්ටන් රෝහලේ වකුගඩු රෝගීන් දෙදෙනාට ප්‍රතිකාර කරන්න පහසුකම් දෙන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට නියෝග

191

රුපියල් ලක්‍ෂ ගණන් මුදල් ලබාදෙන බවට පොරොන්දු වී දිළිඳු ජනතාවගෙන් වකුගඩු ලබාගෙන සිදුකළේ යැයි කියන වකුගඩු ජාවාරම පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ බොරැල්ල වෙස්ටන් පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනා වකුගඩු රෝගීන් දෙදෙනකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සැපයීමට වහාම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (16දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

සිය රෝහලේ වකුගඩු ශල්‍යකර්ම සිදුකිරීම තාවකාලිකව අත්හිටුවමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලික රෝහල් නියාමන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින්

පසුගිය 12 වැනිදා නිකුත් කර තිබූ ලිපිය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෞද්ගලික රෝහල හා මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි මහතා ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජනවාරි 10 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ. සෞඛ්‍ය බලධාරීන්ගේ එකී තහනම් නියෝගය නිසා පැමිණිලිකාර රෝහලේ ප්‍රතිකාර ලබන

රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරුදායක තත්ත්වයකට ලක්වී ඇති බවත් එය එක්තරා මාධ්‍ය නාලිකාවක අවශ්‍යතාවය මත උලුප්පා දක්වන සිද්ධියක් මිස එවැනි වකුගඩු ජාවාරමකට පැමිණිලිකාර රෝහල කිසිදු ආකාරයකින් සම්බන්ධවී නොමැති බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයට පැවසීය.

නීතිඥ හෆිල් පාරිස්, පුලස්ති රූපසිංහ ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට එහිදී නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment