වෙළඳාමේ යන අය කොල්ලකෑ කල්ලියක් අල්ලයි

264

ඇඳිරි නීති කාලය තුළ යතුරුපැදි භාවිතා කරමින් වෙළඳාම් කටයුතුවල යෙදෙන වෙළෙඳුන්ගේ වාහන පැහැරගන්නා කල්ලියක් පසුපස හඹාගිය පොලිස් වි⁣ශේෂ කාර්ය බලකායේ නිලධාරීහූ කණ්ඩායමක් එහිදී එක් සැකකරුවකු පැහැරගත් යතුරුපැදියක් ඇතුළු තවත් දේපල සමඟ අත්අඩංගුවට ගැනීමට ඊයේ (29දා) සමත්විය.

අදාළ වෙළඳාම් කටයුතු වල යතුරුපැදියෙන් යමින් නිරත වූ තමාට පොලිස් නිලධාරියකු බව පවසා යතුරුපැදියලලියාපදිංචි සහතිකල රක්ෂණ සහතිකල ජංගම දුරකථනය කොල්ලකෑ බවට ලද කඩවත පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්එම්ඒපීබී. රාජනායක මහතා ඇතුළු නිලධාරීහූ කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලද යතුරු පැදියල ජංගම දුරකථනය ඇතුළු අනෙකුත් දේපල සොයාගෙන තිබේ.

සැකකරු රාගමලබටුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ද එම බලකාය කියයි.

මෙම යතුරු පැදිය පැහැරගෙන යාම සම්බන්ධව වැඩිදුර විමර්ශන කිරිමේදී පසුගිය දින කිහිපය තුල මේ ආකාරයෙන් එම ප්‍රදේශයේ යතුරු පැදි කිහිපයක් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැහැර ගැනීමට ලක්ව ඇති බවට අනාවරණය වී ඇතැයි එම බලකාය කියයි.

43 හැවිරිදි සැකකරු ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව එම බලකාය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment