වෙළඳ දැන්වීම් කෙරෙන්නේ නෑ, නිරූපණ ශිල්පීන්ට වැඩ නෑ

253

වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂ – ලලිත් වරුණ රාජපක්ෂ

වෙළඳ දැන්වීම් ක්‍ෂේත්‍රයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ නිර්මාණ ශිල්පීන්ගේ රැකියාවලට මේ ආර්ථික අර්බුදයෙන් මරු පහරක් එල්ලවී තිබෙන බවත් එය කෙසේ විසඳාගත හැකිදැයි නොදන්නා බවත් ප්‍රවීණ වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂවරයකු වන ලලිත් වරුණ රාජපක්ෂ සඳහන් කරයි.

මේ නිසා වෙළඳ දැන්වීම් ක්‍ෂේත්‍රයේ නියැලී සිටි කාර්මික ශිල්පීන්, පිටපත් රචකයන්, නිරූපණ ශිල්පීන් දැඩි මානසික පීඩනයකට ලක්ව තිබෙන අතර ඔවුන් කෙරෙහි කිසිම බලධාරියකුගේ ඇස යොමු වී නොමැති බව සඳහන් කළේය. මෙම පිරිස නිපුණත්වය ලබා සිටියේ වෙළඳ දැන්වීම් නිර්මාණය සඳහාම පමණක් බව සඳහන් කරන ඔහු එම ක්‍ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ මෙසේ හෙළිදරව් කළේය.

මේ කඩා වැටීමට සෘජු බළපෑමක් කළේ මේ ආර්ථික අර්බුදයයි. දැන් වෙළඳ දැන්වීම් සඳහා යොදවන පිරිවැයත් අඩුවෙලා තියෙනවා. ඉස්සර අනිවාර්යෙන් තමන්ගේ නිෂ්පාදනවලට කොමර්ෂල් එකක් කරන අය කරන්නෙත් ඉතාම අඩු පිරිවැය දැන්වීම්. ගොඩක් දුරට ෂූට් එකක් නෑ. ග්‍රැෆික්වලින් දැන්වීම හැදෙන්නෙ. එතකොට නිරූපණ ශිල්පීන්ට වැඩ නැතිවෙනවා. සෙට් එකක වැඩ කරන කාර්මික ශිල්පීන්ට වැඩ නැතිවෙනවා. මේ හැමෝගෙම රැකියා නැතිවෙනවා. කාටවත් මේ පිරිස ගැන අවධානයක් නෑ. මම දන්න විදියට ප්‍රමුඛ පෙළේ වෙළඳ දැන්වීම් නිෂ්පාදන ආයතන ගණනාවක වැඩ දැන් නැවතිලා තියෙන්නෙ.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment