වෙළඳ මාෆියාව පාලනයට පාරිභෝගික පනතට සංශෝධන අද නීතිපතිට භාරදෙනවා – ඇමැති බන්දුල කියයි

90

සහල් මාෆියාව ඇතුළු පාරිභෝගික ජනතාව පීඩාවට පත්කරන වෙළෙඳ මාෆියාව පාලනය කිරීමට හැකිවන පරිදි පරිභෝගික පනතේ වගන්ති 75 ක් සංශෝධන සඳහා අද :5 දාෆ නීතිපතිවරයාට භාරදෙන බව වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාිදිවයින’ට ඊයේ :04 දා පැවැසීය.

මෙම පනත් නීතිපතිවරයා විසින් සංශෝධනය කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව පැවසූ ඇමැතිවරයා ඉන්පසු කූට වෙළෙඳුන්ට පාරිභෝගික ජනතාව ගසා කෑමට ඉඩ නොලැබෙන බවද කීවේය.

දැනට පවතින ඇතැම් පාරිභෝගික ආරක්‍ෂණ පනත් මගින් නිසි ලෙස පාරිභෝගික ජනතාව සඳහා සහන නොලැබෙන බවත් එම පනත්වල ඇති ඇතැම් දුර්වලතා නිසා කූට වෙළෙඳුන් ඉන් රිංගා යන බවද පැවසූ වෙළෙඳ ඇමැතිවරයා නව සංශෝධන මගින් ඒ සියල්ලට විසඳුම් ලබාගත හැකි බවද පැවැසීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment