වෙළඳ සේවා හොකී ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

47

වෙළෙඳ සේවා හොකී සංගමය සංවිධානය කරන ලද 45 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලියේ ප්‍රමුඛ පෙළ ශූරතාව දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. එකී අනුශූරතාව මාස් හෝල්ඩිං සමාගම සතු විය.

හැටන් නැෂනල් බැංකුව සහ මාස් හෝල්ඩිං සමාගම අතර පැවති තීරණාත්මක අවසන් සටනේ දී ගෝල් 04 – 03 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් ශූරතා කුසලානයට හිමිකම් කියන්නට හැටන් නැෂනල් බැංකුවට හැකි විය. ඒ දඬුවම් විදීම් ආශ්‍රිතවය. තරගය සඳහා නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල් වාර්තා කිරීමට අපොහොසත්වීම හේතුවෙන් දඬුවම් විදීම් මගින් ජයග්‍රාහී පිල තෝරා ගැනිණි.

ප්‍රමුඛ පෙළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාස් හෝල්ඩිං සමාගමේ ගෝල් රකින්නා වූ ෂෙමාල් දිසානායක සම්මාන ලැබීය.

මෙවර තරගාවලියේ විනීතම කණ්ඩායමට හිමි “ඩෙනිස් ද රොසයිරෝ අභියෝග කුසලාන” දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය.

ප්‍රමුඛ පෙළ තරග මාලාවට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු “බී” කොටසේ ශූරතාව බ්‍රවුන්ස් සමාගමට ද “සී” කොටසේ ශූරතාව සෙලාන් බැංකුවට ද “ඩී” කොටසේ ශූරතාව ඔරියන්ට් සමාගමට ද “එෆ්” කොටසේ ශූරතාව සම්පත් බැංකුව (ඊ) ට ද හිමි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment