වෙළෙඳපොළේ ගිනිපෙට්ටි ප‍්‍රමිතියෙන් බාලවෙලා: ගිනිකූරුවල දැල්වීම හොඳටම දුර්වල යැයි චෝදනා

516

දැනට වෙළෙඳපොළේ පවතින ගිනිපෙට්ටි ප‍්‍රමිතියෙන් විශාල ලෙස අඩු බව මහනුවර ප‍්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසති.

ගිනිපෙට්ටියේ ප‍්‍රමාණයේ වෙනසක් නොපවතින මුත් ගිනිකූරු දිගින් සහ මහතින් සූක්‍ෂම ලෙස අඩුකර ඇති අතර වෙඩි බෙහෙත් අඩු කිරීමකින් හෝ බාල කිරීමකින් ගිනිකූරු දැල්වීමද දුර්වල වී තිබේ.

මහනුවර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රමුඛ ගිනිපෙට්ටි නිෂ්පාදනාගාරයකින් නිකුත් කරන ගිනිපෙට්ටිද මෙම තත්ත්ව හීන කිරීමට භාජනය වී තිබෙන බව පාරිභෝගික ජනතාව පවසති.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment