වෙළෙඳපොළ – වැඩපොළ ගොවිබිම යා කරන සිස්ටම් චේන්ජ් එකක් හරහා රටට ඩොලර් ගෙන ඒමත් කළ හැකියි

337

GFLOCK‍ සභාපති – රනිල් විල්ලද්දරගේ

පැතුම් සහගත මිනිසුන් පරාජය කළ නොහැකි බව ඔහු පිළිබඳව කරන ලද අධ්‍යනයේදී මැනවින් පසක් විය. නවීනත්වය අනුව යමින් onilne තාක්ෂණය ඔස්සේ නිමි ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් අරඹන ඔහු කෙටි කලක් තුළ මෙරට පමණක් නොව ජාත්‍යන්තරය තුළ GFLOCK සන්නාමය ජනප්‍රිය වෙළෙඳ නාමයක් බවට පත්කිරීමට සමත් වන්නේය. එබැවින් මේ වනවිට නිමි ඇඳුම් සඳහා ලෝ ප්‍රකට වෙළෙඳ සන්නාම අතර GFLOCK වෙත ඉහළම ස්ථානයක් හිමිවී ඇත.

වෙළෙඳපොළ - වැඩපොළ ගොවිබිම යා කරන සිස්ටම් චේන්ජ් එකක් හරහා රටට ඩොලර් ගෙන ඒමත් කළ හැකියි

තම ලාභාංශයන්ගෙන් 1/3ක් සේවක සුබසාධනය පිණිස වැය කරනු ලබන මෙම තරුණ ව්‍යවසායකයා පසු කලෙක කෘෂිකර්මාන්තය ඔස්සේ යමින් සේවක සුබ සාධනය පිණිස සහල් නිෂ්පාදනයට පිවිසෙන අතර එම සංකල්පමය වෙනස මගින් ඉදිරියේදී රට ස්වයංපෝෂිත වනු දැකීම ඔහුගේ අනාගත අපේක්ෂාවය. ඔන් ලයින් ව්‍යාපාර ක්‍රමවේදය ලංකාව තුළ ආරම්භ කිරීමේ පුරෝගාමියාද ඔහුයි. පහත පළවන්නේ ඒ අපේක්ෂාව මහ පොළොව මත සැබෑවක් කළ හැකි බවට උදක්ම විශ්වාසය තබන GFLOCK සමාගමේ සභාපති රනිල් විල්ලද්දරගේ මහතා සමඟ සිදු කළ පිළිසඳරකි.

● සමාගම් ප්‍රධානියෙක් ලෙස ඔබ විසින් රට හමුවේ අලුත් සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා පළමුව ඒ පිළිබඳව සරල හැඳින්වීමක් සිදුකරනවානම්.

● මගේ ව්‍යාපාරය ගත්තොත් එය සම්ප්‍රදායික ව්‍යාපාරයකට පමණක් සීමා වෙන්නෙ නෑ. මොකද ඒ හරහා උපයන ලාභයෙන් කොටසක් සමාජ සුබසාධනය පිණිස යොමු කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ සමාජ සුබ සාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනව නම් ඒ සඳහා බාහිරින් ප්‍රදානයක් ලබාගෙන තමයි ඒ දේවල් සිද්ධ වෙන්නෙ. එහෙම ලබාගන්න දේවල් මූල්‍යමය ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ද්‍රව්‍යමය ප්‍රදානයන් වෙන්නත් පුළුවන්. එහෙම ලැබෙන දෙය තමයි තවමත් අපේ රටේ සමාජ සුබසාධනය පිණිස යොදා ගන්නෙ. නමුත් මෙතැනදී අප විසින් වෙනත් ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනව. ඒ තමයි විලාසිතා සන්නාමයක් යටතේ onilne හරහා නිමි ඇඳුම් අලෙවි කරන සමාගමක් ලෙස අප විසින්ම මුදල් උපයමින් එම මුදලෙන් කොටසක් සමාජ සුභසාධනය පිණිස යෙදවීම. ඇත්තටම රට වැටිලා තිබෙන තැනින් ගොඩගන්න පුළුවන් සිස්ටම් එකක් හඳුන්වා දීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නෙ.

● දැනට එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යම් හැඳින්වීමක් කළ හැකිද?

● ලාබය පමණක් ඉලක්ක කර නොගත් ව්‍යවසායකයෙක් ලෙස මා විසින් ගොඩ නගන ලද GFLOCK සන්නාමය හරහා දැනටමත් මේ සුභසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉකුත් කොවිඩ් වසංගතයත් එක්ක තමයි මේ සංකල්පය මා තුළ ඇතිවෙන්න ගත්තෙ.

එතනදි මම දැක්ක මේ රටේ ජනතාව අපමණ දුක් විඳිනව. විශේෂයෙන්ම තමන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් ඒ අයට සම්පූර්ණ කර ගන්න නොහැකි තත්ත්වයකට පත්වෙනව. එතනදි මම තීරණය කරනවා මගේ සමාගම වන GFLOCK හා සම්බන්ධ වෙමින් රැකියාවේ නිරත මගේ සේවක සේවිකාවන්ගේ සුභසාධනය පිණිස මට කළ හැකි යමක් වේද එය කළ යුතුයි කියලා. එතනදි රු. 5000 ක වටිනාකමක් සහිත ආහාර පාර්සලයක් බැගින් මාසිකව ඒ අයට ප්‍රදානය කරන වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟනව. මේ පාර්සලයට සහල් ඇතුළු අනෙකුත් ආහාර වර්ග යම් ප්‍රමාණයක් ඇතුළත්. මෙය දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින වෙලාවක තමයි අපේ රට ඩොලර් අර්බුදයක හිරවෙන්නෙ. එතනදී අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් සිදුවෙන්න ගත්තා. එයට විසඳුමක් ලෙස මම තීරණයක් ගත්තා අපේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගෙ සුභසාධනය තවදුරටත් පවත්වාගෙන යෑම පිණිස ඔවුන්ට අවශ්‍ය සහල් ටික නිෂ්පාදනය කිරීම පිණිස වී වගා කළ යුතුයි කියලා. ඒ අනුව පසුගිය යල කන්නය පිණිස අපි වගා කටයුතු ආරම්භ කළා. ඒ හරහා සාර්ථක වී අස්වැන්නක් ලබාගන්නත් අපට හැකියාව ලැබුණා. ඒ අස්වැන්න තමයි හාල් බවට පත්කරලා පවුල් 400 ක පමණ පිරිසට බෙදා දුන්නෙ. එපමණක් නොවෙයි මේ කටයුත්ත හා සම්බන්ධවූ ගොවි මහත්වරුන්ට වැටුපට අමතරව සහල් ප්‍රදානයක් කරන්න තරම් ඒ අස්වැන්න සාර්ථක වුණා.

● ආයතනයක් ලෙස ඔවුන්ගේ සුභසාධනය ආරම්භ කළ එම වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාත්මක කළ හැකියි කියන මතය ඔබ තුළ පවතිනවාද?

● සමාගමක් ලෙස අපේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ යැපෙන්නන් සඳහා අපි විසින්ම වගා කරන කුඹුරු අස්වැන්න බෙදා දෙමින් ඒ අයව ස්වයංපෝෂිත කරන්න දැනටමත් අපිට පුළුවන්නම් මේ ක්‍රමය රට පුරා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන තැන මම ඉන්නව. ඉදිරියේදී සහල් පමණක් නොවෙයි අපේ පොළොව මත හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් මිරිස් ටික, එළවළු ටික වවන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. මම උත්සාහ කරන්නේ අලුත් මාදිලියක් හඳුන්වාදීම තුළින් ජීවිත ස්වයංපෝෂිත කරන්න. දැනට එය සියයට සියයක් සාර්ථකයි. GFLOCK කියන සන්නාමය යටතේ ජාත්‍යන්තරයට නිමි ඇඳුම් සපයන ගමන් මහ පොළොව අස්වද්දන්න අපට පුළුවන් වුණා නම් මේ රටේ අනිකුත් සමාගම් මේ ක්‍රමයට අනුගත වුණා නම් ඒ අයටත් අපි වගේම සාර්ථක වන්න පුළුවන්. අපේ රට ස්වයංපෝෂිත ජීවන රටාවක් දක්වා ගෙනියන්න මේ ක්‍රමය යටතේ පුළුවන්කම ලැබෙනවා. අනික් කාරණය තමයි අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයෙන් සැලකිය යුතු කොටසක් අතර මැදියන් අතට යනව. නමුත් ආයතනික වශයෙන් මේ වගා කටයුත්ත රට පුරා දියත් කරන්න පුළුවන්නම් ඒ සූරාකෑම ඇතුළු අනීතික බොහෝ දේ නතර කළ හැකියි.

● මෙරට ඩොලර් අර්බුදයට විසඳුම් පිණිස නිමි ඇඳුම් කර්මාන්තය හරහා තරමක් දුරට විසඳුම් දිය හැකි බවට ඔබ ඉකුත් දිනෙක මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා. ඒ පිළිබඳව වැඩිපුර යමක් සඳහන් කරනවා නම්

● මගේ ආයතනය එහෙමත් නැත්නම් සමාගම වන GFLOCK කියන්නේ මේ වනවිට ජාත්‍යන්තරයම හඳුනන වෙළෙඳ නාමයක්. එහෙමත් නැත්නම් සන්නාමයක්. ලංකාව ගත්තොත් අපේ ප්‍රදර්ශනාගාර තුනක් පමණයි තිබෙන්නෙ. නමුත් Online හරහා ලෝකයම හඳුනන පැෂන් බ්‍රෑන්ඩ් එකක් ලෙස තමයි අපි ව්‍යාපාර කටයුතු කරන්නෙ. ආයතන ආරම්භ කරලා වස 03ක් පමණ ගතවීමත් එක්ක මෙරට තුළ ක්ෂේත්‍රයේ ප්‍රථමයා බවට පත්වන්නත් අපට පුළුවන්කම ලැබුණ. පැෂන් බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන්නෙම ලොකු අභියෝගයක්. වෙළෙඳපොළ තරගකාරිත්වය එක්ක එය තව තවත් අභියෝගයක් බවට පත් වෙනව. නමුත් සමාගමක් ලෙස සියලු අභියෝග ජය ගන්නට සමත් වෙනවා. අපේ සන්නාමය යටතේ සතියකට විලාසිතා හතළිහක් පනහක් විතර ප්‍රමාණයක් එළියට දානව. නිමි අඳුම් ක්‍ෂේත්‍රයේ එවැනි හැකියාවක් සහිත සමාගම් ගත්විට ලෝකයේම තිබෙන්නෙ තුන හතරක් වගේ ඉතාම අඩු සංඛ්‍යාවක්. අපේ සමාගමත් ඒ කීපයට ඇතුළත්. එතනදී අපට පුළුවන්නම් විදේශගතව සිටින මෙරට ජනගහනයෙන් මිලියන දෙකකට සහ ඒ ඒ රටවල විදේශිකයන්ට දබකසබැ හරහා අපේම දේ අලෙවි කරගන්න ඒ හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව මෙරටට ගෙන්වන්න පුළුවන්. ඒ හරහා සමාගමක් ලෙස අපට සමාජ සත්කාර කිහිපයක්ම එකවර සිදුකිරීමේ හැකියාවක් පවතිනවා. මේ රටේ නිර්මාණශීලී තරුණ පරපුරට රැකියා අවස්ථා ලබා දෙන්න ඒ වගේම දනටමත් අප විසින් සිදු කරන සමාජ සුබ සාධන කයටුතු තව තවත් පුළුල් කරන්න සහ ඩොලර් අර්බුදයට විසඳුම් ගේන්නත් එමගින් අවස්ථාව ලැබෙනවා.

● ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකද?

● පැහැදිලිවම ඉදිරි අවුරුදු පහ තුළ ඩොලර් බිලියෙන 05ක ආදායමක් GFLOCK හරහා මෙරටට ගෙන්වන්න දැනටමත් සැලසුම් සකස් කරලා තිබෙනවා. ඒ වගේම දැනටමත් ජාත්‍යන්තරයේ රටවල් රැසක විශාල පිරිසක් Online හරහා අපි සමග ගනුදෙනු කරමින් ඉන්නව. ඒ හරහා ලැබෙන ලාභයෙන් කොටසක් දැනටමත් රටට ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. Online කියන්නෙ ලෝකයම ජයගන්න පුලුවන් වේදිකාවක්. එයට ගොඩවෙන්න කියලා තරුණ ව්‍යවසායකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා.

සාකච්ඡා කළේ – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment