වෙළෙඳසල් බිඳ කෝටි ගණන් බඩු සොරාගෙන අඩු මිලට විකුණා අනියම් බිරිඳ සමග කැසිනෝ ගිහින්!

578

දිවයිනේ විවිධ ප්‍රදේශ වල සුඛෝපභෝගී ප්‍රදර්ශනාගාර වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න ලැප්ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ තොගයක් සොරාගෙන ඒවා අඩු මුදලට විකුණා අනියම් බිරිඳ සමඟ කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙනු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු එලෙස සොරා ගෙන තිබූ ලැප්ටොප් පරිගණක දාහතරක්, ටැබ් යන්ත්‍ර හතක්, ස්මාර්ට් ජංගම දුරකතන හතක්, විදුලි උත්පාදක යන්ත්‍රයක්, විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍ර තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

වෙළෙඳසල් බිඳ කෝටි ගණන් බඩු සොරාගෙන අඩු මිලට විකුණා අනියම් බිරිඳ සමග කැසිනෝ ගිහින්!

මීට දින කීපයකට ඉහතදී මොරටුව ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාරයක් බිඳ රුපියල් ලක්ෂ 29 කට අධික දේපල තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සොරාගත් සියලු‍ම දේපල මොරටුව පිටකොටුව ආදී ප්‍රදේශවලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

සැකකරු දේපළ විකුණා ලබාගත් සියලු‍ම මුදල් අනියම් බිරිඳ සමග එක්ව කැසිනෝ ක්‍රීඩා කර ඇතැයි වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
කැස්බෑව බිමල් ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment