වෙළෙඳසලේදී තෙවැනි සිල්පදය කැඩූ ව්‍යාපාරිකයා සොයා පොලිස් පරීක්‍ෂණ

1156

පානදුර නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ සැලක සේවය කරන තරුණ සේවිකාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව ප්‍රබල ව්‍යාපාරිකයකු සොයා පරීක්ෂණ සිදුකරන බව පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර ගාලු පාරේ පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සැලක සේවය කරන 19 හැවිරිදි තරුණියක විසින් කරන පැමිණිල්ලක් අනුව ආයතන හිමිකරු සොයා මෙලෙස පරීක්ෂණ කරන බවත්, අවස්ථා කිහිපයක් වෙළෙඳ සැල සහ අවට පොලිසිය නිරීක්ෂණය කළද සැකකරු එහි නොසිටි බවත් පොලිසිය කීය.

පැමිණිලිකාර තරුණිය එම වෙළෙඳසැලේ මුදල් අයකැමිවරියක ලෙසින් සේවය කරන බවත්, අතවරයට ලක්වීමට පෙරදින ඇයගෙන් මුදල් අඩුපාඩුවක් සිදුව ඇති බවටද පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිසිය කීය.

මුදල් අඩුපාඩුව සම්බන්ධයෙන් අදාළ තරුණියගෙන් විමසීම සඳහා ආයතන හිමිකරු ඉහළ මාලයේ පිහිටි ඔහුගේ කාර්යාලයට ඇය කැඳවා විමසීම් කරන අවස්ථාවේ අතවරය සිදුව ඇති බවට පැමිණිලිකාර තරුණිය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. එහිදී ආයතන හිමිකරු තරුණියගේ කරමතින් අතක් යවා සිපගැනීමක් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

වෙළෙඳ සැලේ තවත් සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශමත සහ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනිීමට තීරණය කළ බව උසස් පොලිස් නිලධාරියකු කීය.

අතවරයට පත් තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට පමුණුවාලීම සඳහා රෝහල් ගතකර තිබුණි.

සිදුව ඇතැයි පැවසෙන මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන්ද වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් උසස් පොලිස් නිලධාරියා කීය.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තා සහ ළමා කාර්යාංශ කොස්තාපල් මාලී (7530) පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම සහ පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment