වෙළෙඳ ගනුදෙනුවලට ඉන්දියානු රුපියල!

53

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහ සංචාරක ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිත කිරීමට අවධානය යොමුකර ඇත.

මෙම නව ගනුදෙනු මගින් දෙරට අතර පවතින සහයෝගීතාවය සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

ඊට මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුද ලංකා බැංකුව, ඉන්දීය රාජ්‍ය බැංකුව සහ ඉන්දීය බැංකුවේ නියෝජිතයන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

මෙහිදී 2022 වසරේදී ඉන්දියානු සංචිත බැංකුව සහ
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නම් කරන ලද වෙළෙඳ
ගනුදෙනු ඉන්දීය රුපියල භාවිත කරමින් සිදුකිරීමේදී ලද අත්දැකීම් සම්බන්ධව ද අවධානය යොමු කර තිබේ.

එසේම නව ගනුදෙනු මගින් ඩිජිටල් ගෙවීම් ක්‍ෂේත්‍රයේ දෙරට අතර පවතින සහයෝගීතාවය සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කර ගැනීමේ හැකියාව ගැන ද සාකච්ඡා කර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment