වෙළෙඳ – සංචාරක ක්‍ෂේත‍්‍ර ප‍්‍රවර්ධනයට ජනපති රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා

167

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම සමුළුවට එක්ව සිටි රාජ්‍ය නායකයන් සමඟ ශ‍්‍රී ලංකාවේ සංචාරක, වෙළෙඳ, ආර්ථික ඇතුළු ක්‍ෂේත‍්‍ර රැුසක නව අවස්ථා උදාකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා කර ඇත.

 ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන මෙම සමුළුවට එක්ව සිටින ජනාධිපතිවරයා පෙරේදා (2 දා) ඊට එක් වූ රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡුා කර තිබේ.

 ශ‍්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගු කාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව එරට රාජකීය කුමරු අගමැති සලමන් බීන් හමාඞ් අල්කලීෆා මහතා සමඟ සාකච්ඡුා කර ඇති ජනාධිපතිවරයා ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයන්ට එරටේ රැුකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්‍ෂේත‍්‍ර පිළිබඳව සාකච්ඡුා කර ඇත.

 ශ‍්‍රී ලංකන් ගුවන් සේවයෙන් නේපාලය සහ ශ‍්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් 04ක් සිදුවෙයි. එම ගුවන් වාර සංඛ්‍යාව වැඩි කිරීම, දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රවල ප‍්‍රවර්ධනය පිළිබඳව ජනාධිපතිවරයා සහ නේපාල අග‍්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා මහතා අතර සාකච්ඡුා කෙරිණි.

 පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ග්ලාස්ගෝහි මර්චන්ට් මන්දිරයේදී පැවැති හමුවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව මහ ලේකම්වරිය ප‍්‍රකාශකර ඇත.

 වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඞ්මීර් සෙලෙන්ස්කි මහතා, ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මහත්මිය මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් හමු වූ ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ සංචාරක, ආර්ථික ඇතුළු ක්‍ෂේත‍්‍ර රැුසක නව අවස්ථා උදාකර ගැනීම පිළිබඳ සාකච්ඡුා පැවැත්වීය.

 විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡුාවන්ට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment