වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය

103

අවුරුදු 112ක ඉතිහාසයේ කොළඹින් පිටතදී පවත්වන පළමු ක්‍රිකට් තරගාවලිය ලෙස වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අතර පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් මාර්තු මස 11 වැනිදා සෙනසුරාදා සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය සඳහා හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, යූනියන් බැංකුව, ඇසට්ලයින් ෆිනෑන්ස්, එල්. බී. ෆිනෑන්ස්, සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස්, ඛධඛක්‍, පීපල්ස් ලීසිං සහ ඔරියන්ට් ෆිනෑන්ස් ඇතුළු කණ්ඩායම් 09ක් සහභාගි වේ.

මෙම කණ්ඩායම 09 කාණ්ඩ 03ක් යටතේ තරග 06ක් ක්‍රීඩා කරන අතර ලීග් මට්ටමෙන් පසුව කාණ්ඩයේ පළමු සහ දෙවන ස්ථාන හිමිකරගත් කණ්ඩායම් අතර පිළිමළුන් පිටු දැකීමේ මට්ටමේ තරග පැවැත්වේ.

මෙම තරගාවලිය හොංකොං ජාත්‍යන්තර ක්‍රිකට් සික්සස් නීති රීති සහ ක්‍රීඩා කිරීමේ කොන්දේසිවලට අනුකූලව පැවැත්වේ.

හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, වැඩිම හයේ පහරවල් ලබාගත් ක්‍රීඩකයා සහ අවසන් තරගයේ වීරයා ලෙස විශේෂ සම්මාන 04ක්ද පිරිනැමීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේදී පැවැත්වුණු අතර ඒ සඳහා සංගමයේ සභාපති නලින් වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහේෂ් ද අල්විස්, ලේකම් තරින්ද්‍ර කළුපෙරුම සහ තරගාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා යන මහත්වරු සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment