වෙළෙඳ සේවා ලීග් හොකී තරගාවලිය මැයි මස අගදී…

108

වෙළෙඳ සේවා ලීග් ශූරතා පිරිමි හොකී තරගාවලිය මැයි 28, ජූනි 04 සහ 11 යන දිනවල කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට පියවර ගත් බව වෙළෙඳ සේවා හොකී සංගමය නිවේදනය කර සිටී.තරඟ 19 කින් සැදුම්ලත් මෙවර තරගාවලිය කාණ්ඩ තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

 ‘ඒ’ කාණ්ඩය යටතේ හැටන් නැෂනල් බැංකුව (A) කොමර්ෂල් බැංකුව (A) සහ සම්පත් බැංකුව තරග බිමට අවතීර්ණ වන අතර ‘බී’ කාණ්ඩයේ ශූරතාව තහවුරු කර ගැනීම උදෙසා කොමර්ෂල් බැංකුව (B) එච්. එස්. බී. සී. බැංකුව, හේලීස් සමාගම සහ අලියාන්ස් සමාගම තරග වදී.හැටන් නැෂනල් බැංකුව (B), සිංගර් සමාගම, බ්‍රවුන්ස් සමාගම, ජෝන් කීල්ස් සමාගම සහ සෙලාන් බැංකුව තරග වැද සිටින්නේ ‘සී’ ශූරතාවය තහවුරු කර ගැනීම උදෙසාය.ලීග් ශූරතා තරඟාවලිය නිමාවීමෙන් අනතුරුව පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සහ සත් සාමාජික තරගාවලිය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද වෙළෙඳ සේවා හොකී සංගමය නිවේදනය කර සිටී.

 අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment