වෙළෙඳ හිඟය ඩොලර් 7051 ට නගී

242

ගිය වසරේ (2021) පළමු මාස එකොළහේදී රටේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන විදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් මිලියන 7051 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

2020 වර්ෂයේ පළමු මාස එකොළහේදී වාර්තා වූ වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 5446 ක් විය.

මේ අනුව 2020 වසරේ අදාළ කාලයට සාපේක්‍ෂව 2021 වසරේ එම කාලයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 1605 කින් ඉහළ ගොස් තිබේ.

මේ කාලයේදී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 11345 ක් දක්වා සියයට 24.9 කින් වැඩි වී ඇති අතර ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 18396 දක්වා සියයට 26.6 කින් වර්ධනය වී තිබේ. මෙසේ අපනයන ආදායම් වර්ධනය වීමේ වේගයට ඩවා වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධනය වීමද මේ කාලයේදී වෙළෙඳ හිඟය වර්ධනය වීමට හේතු වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment