වේදනාව නැතිකරන්න යටිහිත අවදි කරන හැටි

543

ප‍්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු වන කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව හා විශ්වශක්ති ප‍්‍රතිකාර ගැන සුවිශේෂී අත්දැකීම් ඇත්තෙකි. ආධ්‍යාත්මික උපදේශක වරයෙක්ද වන ඔහු ස්වාභාවික විශ්වශක්ති ප‍්‍රතිකාර කරයි. නවීනතම ත‍්‍රිමාණ ඕරා ස්කෑනර් යන්ත‍්‍ර ඔහු සතුව ඇති අතර රේකී මාස්ටර් කෙනෙක් හා ප‍්‍රානික් හීලර් කෙනෙක් හැටියටද සුප‍්‍රකට මෝහනවේදියකු ලෙසද සහතික ලබා ඇත.

 ශරීරයේ වේදනාවක් කියන දේ නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ තරමටම අපිට වේදනාව හුරුය. මේ වේදනාවන් ශරීරයේ කුමන ස්ථානයක වුවද විය හැක. හිසරදය, කොන්දෙ කැක්කුම, බඬේ කැක්කුම, දත් කැක්කුම යන මේ වේදනාවක් ඕනෑම කෙනෙකුට අමිහිරිය. කොටින්ම අපි වේදනා විඳින්නට අකැමැත්තෝ වෙමු.

 වේදනාවක් ඇතිවන්නේ කුමක් නිසාද? ශරීරයේ ඇති යම් ස්ථානයක ඇති අසමතුලිතතාවයක් නිසාය. එසේත් නැත්නම් ශරීරය පිළිවෙළකට නැති නිසාය. එසේ නැතිවීම ශරීරයට නොගැළපෙන නිසා එය අපිට දැන්වීමට වේදනාවක් ස්වාභාවිකවම නිර්මාණය කරයි. එය සෑමවිටම අපේ මොළයට දැනුම්දෙන්නේ ස්නායු පද්ධතිය හරහාය. ඕනෑම වේදනාවක් එසේ අපට දැනෙන්නේ ඒ මොළයට සම්බන්ධ නිසාය. ඒ නිසා ඒ අසමතුලිතතාවය පවතිනතාක් කල් ඒ වේදනාවෙන් අප පීඩා විඳියි. මෝහනයට පත්වූ විට ශරීරයේ සුවපත්වීමේ ක‍්‍රියාවලිය වේගවත් වන බව අපි මීට කලින් සදහන් කළා මතක ඇති. මෙවන් වේදනාවක් ඇති විටෙක නින්ද ගියහොත් වේදනාව අඩුවන බව ඔබ දන්නවා. ඒවාගෙම වේදනාවක් ඇති කෙනෙකුට නිදි බෙහෙත් දුන් විටද වේදනාව අඩුවෙනවා. ඒ නින්ද මගින් ස්වාභාවිකවම සුවවීමක් සලසන නිසාය. මොළයේ ඇති යටිසිත අපිට මේ වේදනාව පිළිබඳව දැනුම් දෙන්නා සේම එය අඩු කරන්නට හැකියාව ඇත්තේත් යටිසිතටමයි. මෝහන යනු යටිසිතට දෙනු ලබන නියෝග ක‍්‍රියාවලියක් නිසා මේ වේදනාව සමනය කිරීමේ හැකියාව හොඳින් ඇති කරයි. එය වේදනානාශක ගන්නවාට වඩා කෙතරම් ස්වාභාවික ද යන්න ඔබම සිතා බලන්න.

 අවශ්‍ය වන්නේ එය තුරන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෝහනවේදියාට ඇති අවබෝධයයි. යටිසිතේ ක‍්‍රියකාරීත්වය පිළිබඳව ඔහුට හෝ ඇයට ඇති අවබෝධය මෙහිදී මේ වේදනාව සමනය කරන්නට උපකාරී වේ. මෙහිදී මෝහනවේදියා විසින් පීඩාව ඇති අයට කතා කර ඔහුගේ වේදනාව ඇත්තේ කුමන ස්ථානයකද? කොපමණ වේලාවක සිට වේදනාව පවතීද? වේදනාවේ ප‍්‍රමාණය කොපමණ ද යන ප‍්‍රශ්න කීපයක් අසයි. ඇත්තෙන්ම මේ විමසීමත් මෝහනයේම එක් ප‍්‍රවේශයකි. ප‍්‍රමාණය ගැන ඇසූ ප‍්‍රශ්නය තුළ ඇත්තේ විශේෂත්වයකි. ඔබේ වේදනාව උපරිම නම් 10 ක් ද අවම නම් 0 ක් ද යයි සිතා ඔබට දැනෙන ප‍්‍රමාණය කොතෙක්ද කියා විමසයි. රෝගියා 9 ක් යැයි කීවොත් ඔහුගේ තත්ත්වය තෙරුම් ගන්න. ඔහු ඉන්නේ උපරිම අමාරුවෙනි. හොඳයි මා ඔබේ වේදනාව 0 දක්වා ගෙන එන්නට උත්සාහ දරනවා.

වේදනාව නැතිකරන්න යටිහිත අවදි කරන හැටි

ඉතා ඉක්මන් ප‍්‍රගමනයකින් පසුව රෝගියාගේ යටි සිත අවදි කර ගන්නා මෝහනවේදියා, ඔහුට විශාල උමගක් තුළින් ගමන් කරන්නේ යයි සිතාගන්නට කියන්න. ඇවිදගෙන යෑමට කීම වඩාත් සුදුසුයි. ”මේ උමග ඔබ දැන් ඉන්නා තත්ත්වයට සමානයයි ඉදිරිය අඳුරුයි. ඒත් කෙළවරක් පේන්නෙ නෑ. දැන් ඔබ ටිකදුරක් ඇවිත්, ඔබ මේ උමගේ කෙළවරට ගමන් කරන විට ඔබට වඩාත් සැහැල්ලූවක් දැනේවි. ඔබට වඩාත් හොඳ සෞඛ්‍යයක් ලැබේවි. ඔබට පේනවා ආලෝකයක් කුඩාවට, එය වෙත ඔබ ළඟාවෙමින් ඉන්නේ. ටිකෙන් ටික ඔබ ආලෝකය වෙත කිට්ටුවෙනවා. දැන් දොරටුව ටිකක් ලොකුවට පේන්න පටන් ගන්නවා. ඔබට සැහැල්ලූවක් දැනෙනවා නේද? තව තවත් උමංදොර වෙත ළඟා වෙනවා. දැන් ඔබට ආලෝකය හොඳින් පේනවා. ඔන්න දැන් ඔබට තවත් සැහැල්ලූවක් දැනෙනවා. දොරෙන් එළියට ආවා. දැන් ඔබට ආලෝකය පේනවා. ඔබ දැන් සැහැල්ලූයි. හොඳටම සැහැල්ලූයි. ඔබේ වේදනාව දැන් දැනෙන්නෙවත් නෑ. මෙසේ කියා අසන්න ඔබේ වේදනාව අවසන්ද කියා. ඉන්පසු නිද්‍රාවෙන් ඉවත් කර ඔබේ වේදනාවේ ප‍්‍රමාණය කොපමණ ද කියා අසන්න (0-10. බොහෝවිට පිළිතුර 1 ක් හෝ 0 විය හැක. යම්හෙයකින් එසේ වේදනාව අඩු නොවූයේ නම් වෙනත් ප‍්‍රගමනයක් අනුගමනය කරන්නට සිදුවේ.

 මේ ආකාරයටම ගඟකින් එතෙරවීමක් වුවද ප‍්‍රගමනයක් සේ භාවිතා කළ හැක. එය නිශ්චිතවම අසවල් කරුණ යැයි කියා දෙයක් නැත. මෝහනවේදියාගේ තීරණය මත එය සිදුවෙයි. වේදනා කැක්කුම් සඳහා ඉතාමත් සැහැල්ලූ ප‍්‍රගමන භාවිතා කරයි. මෝහනවේදියෙකුට නම් මෙවැනි වේදනාවක් සමනය කිරීම ඉතාමත් සුළු දෙයක්. එහෙත් කාලයක් තිස්සේ පවතින වේදනාවන්ට නම් අතීතයට ප‍්‍රගමනයක් කරන්නට සිදුවෙයි. ඊට හේතුව බොහෝවිට ඒ කාලයක් තිස්සේ පවතින නිසා යටිසිත ඊට හුරුවී තිබීමයි. රෝගයට හෝ වේදනාවට අවුරුදු 2 ක් නම් අවුරුදු 3 කර කලින් අතීතයට ප‍්‍රගමනය කරවා ඒ අවදියේ ඔහු විඳි සැහැල්ලූව ගැන මෙනෙහි කරන්න. එවිට ඒ කාලයේ සිටි මානසිකත්වයෙන් ඔහුගේ යටිසිත ක‍්‍රියා කරයි.

 නොමිලේ විස්තර සඳහා
 0712510602

advertistmentadvertistment
advertistmentadvertistment