වේවැල අතට ගෙන තරවටු කර හෝ වගාවට පොහොර දෙන්නැයි ජනාධිපති මල්ලීට කියන්න- නලින් බණ්ඩාර චමල්ගෙන් ඉල්ලයි

195


 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 පවුලේ වැඩිමලා ලෙස වේවැල අතට ගෙන තරවටු කොට දඬුවමක් හෝ සිදුකර මෙරට වගාව සඳහා අවශ්‍ය පොහොර ටික ලබාදීමට ජනාධිපති මල්ලිට කියන්නැයි ඇමැති චමල් රාජපක්‍ෂ මහතාගෙන් විපක්‍ෂ මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා* ඉල්ලීමක් කළේය.

 නලින් බණ්ඩාර මහතා විසින් ඇමැති චමල් රාජපක්‍ෂ මහතාගෙන් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයකදී මෙම ඉල්ලීම කළ අතර චමල් රාජපක්‍ෂ ඇමැතිවරයා ද ඊට සිනාමුසු මුහුණින් පිළිතුරු දුන්නේය.
 නලින් බණ්ඩාර මහතා – මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වගාවන් සඳහා වාරි ජලය මුදාහැරලා තිබෙනවා. අපේ නිලධාරීන්ට කතා කරලා බැලූවා. සියයට 95 ක්ම තවම කුඹුරු වැඩපටන් අරගෙනත් නෑ. මේ නිසා ජලය පාවිච්චියට ගන්නේ නැතිව අපතේ යනවා. නමුත් කිහිපදෙනෙක් ළඟ යූරියා පොහොර ටිකක් තිබෙනවා. ඒ අය විතරක් වගා කරනවා. අනෙක් අය වගාකරන්නේ නෑ.

 ඇමැති චමල් රාජපක්‍ෂ මහතා
 අපි කන්න රැුස්වීම් වලදී තීරණ ගත්තා කඩිනමින් වැඩපටන්ගන්න කියලා. සමහර අය වැඩ කරන්නේ නෑ. ඒක බොහොම කනගාටුයි. අපි ඉල්ලා සිටිනවා සියලූදෙනාම රටේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරයි කියලා. ප‍්‍රශ්න තිබෙනවා නම් අපි සාකච්ඡුා කරලා විසඳාගනිමු. ගොවිතැන් කටයුතු ආරම්භ කරන්න කියලා ඉල්ලීම් කරනවා.

 නලින් බණ්ඩාර මහතා
 ගොවි සංවිධාන සමඟ සාකච්ඡුා කරලා නොවෙයි වතුර දීලා තිබෙන්නේ. මේ මහ කන්නයේ අද රටේ සමස්ත ගොවියන් අති බහුතරයක් වගා නොකරන තත්ත්වයට ඇවිල්ලා.
 වතුර දුන්නාට වැඩක් නෑ. පොහොර දෙන්නේ නැත්නම්, ඇමැතිතුමාත් ගොවියෙක්. පොහොර නැතුව මේ වැඬේ කරන්න බෑ කියලා දන්නවා. මේක බරපතළ තත්ත්වයක්. සියයට 50 ක්වත් වගා කළේ නැත්නම් මේ කන්නය ඉතාම බරපතළ වේවි. අස්වැන්න අඩුවේවි. ආහාර හිඟයක් ඒවි. ඔබතුමා පවුලේ වැඩිමල් අයියා. ඔබතුමාගේ පියා මඩ වතුර හෝදන් නාමයෝජනාවලට අත්සන් කළේ. එතුමාගේ පුතා වුණත් ජනාධිපතිතුමාට මේවා තේරෙන්නේ නෑ. ඒ නිසා බරපතල කඩාවැටීමක් වේවි. ඒ නිසා ඔබතුමාවත් මේකට මැදිහත්වෙලා තරවටු කරලා, වේවැල අතට අරගෙන මල්ලිට දඬුවමක් දීලා වහාම පොහොර ටික ලබාදෙන්න කි‍්‍රයාකරන්න. ඔබතුමාට හැර වෙන කෙනෙකුට මේ දේ කරන්න බෑ.

 චමල් රාජපක්‍ෂ මහතා – ඔබගේ උපදෙස් ඉතා ඉහළින් පිළිගන්නවා. මේ සද්භාවයෙන් කරන වැඬේට හැමෝම සහයෝගය දක්වන්න කියලා ඉල්ලනවා.

advertistmentadvertistment
advertistmentadvertistment