වෛද්‍යවරයකු ලෙස පෙනී සිට රෝහල්වල සායනවලට ඇවිත් කාන්තාවන්ගේ රන්බඩු සොරාගෙන

456

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය සහ මහමෝදර රෝහල්වල සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධ නඩු අටකට වරදකරුවූ විත්තිකරුවකුට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් නඩුවකට මාස හය බැගින් අනිවාර්ය සිර ද`ඩුවම්ද සැකකරු විසින් සොරකම් කරන ලද රන් ආභරණ විකුණා තිබියදී ඒවා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් මහනුවර රජ වීදියේ ස්වර්ණාභරණ වෙළෙඳසල් හිමියාට රුපියල් 675000ක වන්දියක්  ගෙවීමටද නියෝග කළේය.

වන්දි නොගෙවන්නේ එක් නඩුවකට මාස හය බැගින් තවත් මාස 48ක සිර ද`ඩුවම්ද විත්තිකරුට නියම විය.

මෙසේ ද`ඩුවම් නියමවූයේ හෝමාගම පිටිපන උතුර මහින්දදාස මාවත පදිංචි පූනම් ක‍්‍රිස්තෝම්බු සසික මධුසංක නමැති 32 හැවිරිදි විත්තිකරුවකුටය.

පසුගිය 2020 වසරේ ඔක්තෝබර් 10 වන දින සැමියාට ප‍්‍රතිකාර

ගැනීම සඳහා කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණි කාන්තාවක් රවටා ඇයගේ රුපියල් තුන් ලක්ෂ විසිපන් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ල අනුව ක‍්‍රියාත්මකවූ පොලිසියට විත්තිකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙම සිද්ධියට පෙරද මෙවැනි සිද්ධීන් හයක් කරාපිටිය රෝහලෙන්ද මහමෝදර රෝහලෙන් එක සිද්ධියක්ද ඇතුළු සිද්ධීන් අටක් ගාල්ල පොලිසියට වාර්තාවී තිබූ අතර ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වමින් සිටියදී මෙම සිද්ධියද වාර්තාවීමත් සමග පරීක්ෂණ කඩිනම් කළ පොලිසියට විත්තිකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

විත්තිකරු විසින් සොරකම් කරන ලද රුපියල් විසි ලක්ෂයකට අධික රන් ආභරණද නුවර රජවීදියේ ස්වර්ණාභරණ අලෙවිසලකට විකුණා තිබියදී සොයාගෙන ඇත.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ විත්තිකරු අනුරාධපුර 3වන පියවරේ උපන් අයකු වන අතර එහිදී වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා ඇති බවය. පසුව ඔහු සූදුවට සහ සමාජශාලාවලට යෑමට ඇබ්බැහිවීම නිසා දෙමව්පියන් එම ගෙවල් විකුණා හෝමාගම ප‍්‍රදේශයේ කුලී නිවසකට පැමිණ ඇති බවත් සැකකරු පවුලේ එකම පිරිමි දරුවා බවත් සොහොයුරියන් තිදෙනකු සිටින අතර එක් සොහොයුරියක් විදේශ රටක පදිංචි බවත් සැකකරු ද වරක් එරටට ගොස් පැමිණ ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. ජී. ආනන්ද මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක මහිලාල් මහතා විසින් පැමිණිලි මෙහෙයවන ලද අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ඒ. ඞී. සී. දර්ශන මහතා පෙනී සිටියේය.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment