වෛද්‍යවරුන්ට ඉන්ධන නොදුන්නොත් රෝහල් කපෝතියි – ජී.එම් .ඕ ඒ කියයි

125

සෞඛ්‍ය සේවයේ නිරත එක්ලක්‍ෂ විසිදහසකට අධික වෛiවරුන්, හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිසියාකාරව ඉන්ධන ලබාගැනීමට ජනතාව දිගින් දිගට ම බාධා කළහොත් එළැඹෙන සතියේ දිවයිනේ ප්‍රධාන රෝහල් ඇතුළු සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටිය හැකි බවට රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සභාපති ස්නායු රෝග විශේෂඥ වෛi දර්ශන සිරිසේන මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාගැනීමට වෙන්කර දී ඇති සිකුරාදා දිනයේදී සමහර ජනතාවගෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බලපෑම් බාධා එල්ල වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
මෙය ජනතාව තේරුම් ගත යුතු බවත්, මෙම බලපෑම් නිසා හදිසියේ ඉන්ධන පෝලිමකදී අසනීප වන කෙනකු, කැපුම් තුවාල ලබන අයකු එසේත් නොමැති නම් තම මව පියා අසනීපව රෝහල් ගත කරන්නට සිදුවුවහොත් රෝහල තුළ වෛiවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය නොමැතිවනු ඇතැයි ද හෙතෙම කීය. මෙම ඉන්ධන ලබාගැනීමට වෛiවරුන් තිස් දහසක්ද විශේෂඥ වෛiවරුන් දෙදහසක්ද සිටින බවද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සුජීව තත්සර, ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment