වෛද්‍ය අමල් නව ගමනකට වැඩ අරඹයි

264

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වැඩ භාර ගත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එම තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසුව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රමුඛව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක පසුගියදා නිරත විය.

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ අමල් හර්ෂ මහතා ග්‍රාමීය ආර්ථික භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය, පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය මෙන්ම කොවිඩ් අමාත්‍යංශයේ ලේකම් ධුරය යන ලේකම් ධුරවල ද මීට පෙර කටයුතු කර තිබුණි.

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියකු වන අමල් හර්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ එම්බීබීඑස් උපාධිධාරියකු වන අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන උපාධිධාරියෙකු ද වේ.

 වැඩ භාර ගත් නව ලේකම්වරයා ඇමැතිවරයා සහ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක නිරත වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment