වෛද්‍ය නිලධාරීගේ සංසදය අද හර්තාලයට නෑ

216

අද (06දා) ක්‍රියාත්මක වීමට නියමිත දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයට සහ හර්තාල් ව්‍යාපාරයට ප්‍රතිපත්තිමය තීරණයක සිටිමින් සහාය නොදීමට සිය සංසදය තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා “දිවයින”ට ඊයේ (05දා) පැවසීය.

සිය රාජකාරියේ ප්‍රමුඛයාවන රෝගියා කිසිදු අපහසුතාවකට ලක් නොකිරීමේ වගකීම ආරම්භ කර ගනිමින් කිසිදු වර්ජන ව්‍යාපාරයකට සහාය ලබා නොදීමට සිය සංසදය අද දැඩි ප්‍රතිපත්තියක සිට ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් සෙසු අරගලකරුවන්ගේ වර්ජනයට හෝ හර්තාල් ව්‍යාපාරයකට සිය සංසදය, විරෝධය නොදක්වන බවත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ඊනියා අරගලයක යෙදී සිටින සෞඛ්‍ය අංශ පිරිස් පිළිබඳව සිය සංසදය කනගාටුවට පත් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ල මහතා කියා සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment