වෛද්‍ය නොසැලකිල්ලට කෝටි 03ක වන්දි

798

ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත 2012 වසරේ දී මවක ආබාධිත දරුවකු බිහි කොට ඇතැයි තීන්දු කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ මහත්මිය එම ආබාධිත දැරියට රුපියල් කෝටි 03 ක වන්දියක් ගෙවීමට රජයට නියම කළාය.ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත ආබාධිත තත්ත්වයකට පත්ව සිටින කැලණිය බියගම ප්‍රදේශයේ පදිංචි දැරියකගේ මව වන්දි ඉල්ලා ඉදිරිපත් කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස සඳහන් කළාය.ආබාධිත දැරිය වෙනුවෙන් ඇගේ මව විසින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හා නීතිපතිවරයා නම් කොට තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment