වෛද්‍ය ෂාපිගේ පෙත්සම සලකා බලයි

185


තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැදැන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය ෂාපි සහබ්ඩීන් මහතා ගොනු කර තිබූ පෙත්සම මේ මස 17 දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත්විය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දන්ගමුව මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment