වෛද්‍ය ෂාෆිට හිග වැටුප්

247


වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවීම මත සේවය අත්හිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතාට හිමි විය යුතු හිග වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයේදී දැනුම් දුන්නේය.වෛද්‍ය ෂාෆි මහතා විසින් ගොනු කළ රිටි පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බැව් සඳහන් කළේය.සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන් විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලුණි.

advertistmentadvertistment
advertistmentadvertistment