වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 525 ක හා  ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන්

155

පෞද්ගලික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

පෞද්ගලික රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

පෞද්ගලික රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවද ඔවුන් එම ලිපියේ සඳහන් කර ඇත.

එසේම වෛi උපකරණ රැසක හිඟයක් පවතින බවද එම සම්මේලනය පෙන්වා දෙයි.

මේ අතර කොළඹ වෛi සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525 ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන් බවද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

වෛi සැපයීම් අංශයේ තිබිය යුතු වෛi සැපයීම්වලින් සියයට 50 ක තොග මේ වනවිට අවසන් බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අංශය කියා සිටී.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment