වෛද්‍යiවර්ජනය අද උදේ 8.00ට අත්හිටුවයි

53

වෘත්තිකයන්ගේ ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කොට විසඳුමකට ඒමට ආණ්ඩුව සූදානම් බවට ජනාධිපති ලේකම් කළ දැනුම්දීම මත රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අද (16දා) පෙරවරු 8.00 සිට තාවකාලිකව නතර කිරීමට සංගමය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛi චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. සෞඛ්‍ය වැනි ක්‍ෂේත්‍රයක අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම අතිශය සංවේදී කාරණාවක් බවත් තම සංගමය ඇතුළු වෘත්තීය සමිති වර්ජනයක් ප්‍රකාශයට පත් කළ පසු ආණ්ඩුව යම් සාධනීය ප්‍රතිචාරයක් දැක්වීම මත අඛණ්ඩ වැඩ වර්ජනය මෙලෙස තාවකාලිකව නතර කර දැමූ බවත් ඒ මහතා කීය.

බදු පනතට එරෙහිව වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකළ ක්‍රියාමාර්ගයට පාලකයන් නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් එතැන් පටන් සියලු වෘත්තීය සමිති එක්ව මීටත් වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවද වෛiවරයා සඳහන් කළේය.

ලබන සඳුදා (20 වැනිදා) හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්ව සමග මෙම සාකච්ඡාව සිදුවනු ඇතැයි ඒ මහතා කීය.
ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා, සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment