වෛද්‍යවරයා හා හෙදිය රඳවා තබාගෙන… වැලිගම එන්නත් ගැටුම පොලිසිය විසඳයි ..

270

දෙවන මාත‍්‍රාවත් පළමු මාත‍්‍රාවත් ලබා දුන්නා… එන්නත මදිවුණා

අපි මොනව කරන්නද? වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී. ආර්. ටී. ජයසේකර


වැලිගම නගරයේ අර්ෆා මහා විiාලයේ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයේ පෙරේදා (01 දා* වෛද්‍යවරයා සහ හෙදියක් සිරකරගෙන ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය වැලිගම පොලිසියේ නිලධාරීන් මැදිහත් වී ඔවුන් බේරාගෙන ගැටුම සමථයකට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ප‍්‍රාදේශීය සභා රැස්වීමේ දී මෙම වෛද්‍යවරයා විසින් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබාදෙන බවට ප‍්‍රකාශ කර පෙරේදා (01 දා* එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී පළමු මාත‍්‍රාව ලබාදෙන බවට ප‍්‍රකාශ කිරීමත් සමග එන්නත් ලබාගැනීමට පැමිණි පිරිස් වෛද්‍යවරයා සහ හෙදිය රඳවාගෙන දැඩි විරෝධයක් පළකළ බවත් පොලිසිය මැදිහත් වී බැටන් පොලූවලින් ජනතාව ඉවත් කර එම දෙදෙනා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව වැලිගම පොලිස් ස්ථානාධිපති ඞී. එම්. අබේසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අලූත් වීදීය, ගල්බොක්ක නැගෙනහිර, බටහිර, හෙට්ටිවීදිය, පරණ කඬේ, වලාන, මුදුගමුව නැගෙනහිර සහ බටහිර ග‍්‍රාම සේවා වසම්වල අවුරුදු 30- 60 අතර පසුගිය ජුලි 25 දින මෙම ස්ථානයේ දී පළමු එන්නත් මාත‍්‍රාව ලබාගත් අය සඳහා දෙවන එන්නත් මාත‍්‍රාව ඊයේ (01 දා) දින උදෑසන සිට ලබාදීමේ කටයුතු සැලසුම් කර තිබූ අතර ඒ සඳහා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ.

වෛද්‍යවරයා හා හෙදිය රඳවා තබාගෙන... වැලිගම එන්නත් ගැටුම පොලිසිය විසඳයි ..

මෙහිදී බටවල, පාතේගම, දෙණිපිටිය, කඬේවත්ත, පැලෑන, වලාන, මුදුගමුව ආදි ප‍්‍රදේශ රැුසක දහසකට අධික පිරිසක් පළමු එන්නත ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම ස්ථානය වෙත පැමිණ සිටීමෙන් පසුව පැමිණි සියලූ දෙනාටම එන්නත් ලබා දීමට නොහැකි බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් විසින් දැනුම් දීමෙන් අනතුරුව පැමිණි සිටි ජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ මගින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුගතව කටයුතු කරන ලෙස විටින් විට ජනතාව දැනුවත් කළ ද එයට අනුගත නොවෙමින් එන්නත් ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එම ස්ථානය අසලට පැමිණි ජනතාව නොසන්සුන්කාරීව හැසිරීමට පටන්ගෙන තිබේ.

මෙහිදී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. එච්. එම්. නිහාල් මහතා ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් ජනතාවට කියා සිටියේ අද දින සැලසුම් කර තිබුණේ පසුගිය ජූලි 25 පළමු එන්නත ලබා ගත් අය සඳහා පමණයි. නමුත් වෛද්‍ය නිලධාරිතුමා තීරණය කර තිබුණා ඉතිරි වන එන්නත් පළමු කාණ්ඩායම සඳහා ලබා දෙන්න. දැන් ඉතින් අප වෙත ලැබූණු එන්නත් 2920 අවසන් වෙලා ඉවරයි. මෙම ස්ථානයෙ රැුඳී සිටින්න එපා. රැඳී සිටි ජනතාව පාලනය සඳහා වැලිගම පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබූ ආකාරය දක්නට ලැබුණි.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී. ආර්. ටී. ජයසේකර මහතා අප කළ විමසීමකදී මෙසේ පැවසීය.

අපි මිනිසුන්ට දැනුම් දුන්නේ නෑ. එතන දෙවන මාත‍්‍රාව තමයි ලබා දුන්නේ. පළමු මාත‍්‍රාවත් ලබා දුන්නා. වැක්සින් තියෙන්නෙ හාරදහසක් (4000) යි. නගරයේ ඉන්නවා පහළොස් දහසක් (15000). එන්නත් නොලැබුණු අය ඔය පහළොස් දහස එනවා තැනින් තැනට. කරන්න දෙයක් නෑ. හාරදහස පහළොස් දහසකට දෙන්න බෑනේ.

අපේ ඉලක්කය තිබුනේ දෙවන මාත‍්‍රාව ඒ අයට දෙන්නයි. පැමිණි අයට එන්නත් දුන්නා. ගැබිනි මව්වරු ආවා. පුළුවන් පුළුවන් විදියට කාටත් එන්නත් දුන්නා.

චමින්ද සිල්වා – වැලිගම

advertistmentadvertistment
advertistmentadvertistment