වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ජනතාවගේ වෛද්‍ය පහසුකම් උදුරා ගැනීමක්: ශී‍්‍ර ලංකා වෛද්‍ය පරිපාලන සංසදයේ සභාපති

160

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ වැඩ වර්ජනය ජනතාව මුළාකරන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව වළකාලන වැඩපිළිවෙළක් බව ශී‍්‍ර ලංකා වෛද්‍ය පරිපාලන සංසදයේ සභාපති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ පිරිසක් පවත්වාගෙන යන ගිය වැඩ වර්ජනය ජනතාවගේ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ අයිතිය උදුරා ගැනීමක් බව ද වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මාධ්‍යට පැවසීය.

පිරිසක් වැඩ වර්ජනය කරන නමුත් බොහෝ රෝහල්වල වෛද්‍ය සේවය පවත්වාගෙන යන බව පැවසූ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මහනුවර සහ කුරුණෑගල යන රෝහල්වල එය දක්නට ලැබෙන බව ද පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය තිලකරත්න මහතා සීමාවාසික පුහුණු වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සාවද්‍ය මතයක් රජයේ වෛද්‍ය සංගමයේ ඇතැමුන් ප‍්‍රචාරය කරන බව ද පැවසීය.

සීමාවාසික වෛද්‍යවරුන් රෝහල්වලට අනියුක්ත කිරීම වෛද්‍යවරුන් ලෙස පත් කිරීමක් නොව අවුරුද්දක ප‍්‍රායෝගික පුහුණු වීමක් සඳහා රෝහල්වලට අනියුක්ත කිරීමක් පමණකැයි ද වෛද්‍ය තිලකරත්න මහතා පැවසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment