වෛද්‍ය වර්ජනයෙන් රට පුරා රෝගීන්ට පීඩා

85

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය නිසා දකුණු පළාතේ ප‍්‍රධානම රෝහල වන කරාපිටිය රෝහලේ සාමාන්‍ය ප‍්‍රතිකාර සේවාද සායන සියල්ලද වසාදමා තිබිණ.

මේ නිසා බාහිර රෝගී අංශයට සහ සායනවලට පැමිණි
රෝගීන්ට හිස් අතින් ආපසු යෑමට සිදුවිය. කලින් සැලසුම් කරන ලද ශල්‍යකර්මද කිසිවක් ඊයේ (21 දා) දිනයේ සිදු කරනු ලැබුවේ නැත. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් උභය බණ්ඩාර

වරකාගොඩ මහතාගෙන් විමසූ විට කියා සිටියේ කරාපිටිය රෝහලේ සීමාවාසික වෛද්‍යවරුන් හැර වෛද්‍යවරුන් 875 න් 850 ක්ද” විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයේ 162 න් වෛද්‍යවරුන් 21 ක් හැර අනෙක් සියලූ දෙනාද වර්ජනයට එක්ව සිටින බවයි. මේ අතර වර්ජනයට සහාය දැක්වීම සඳහා දන්ත වෛද්‍ය සංගමයේ සියලූම වෛද්‍යවරුන්ද ප‍්‍රතිකාර සේවාවලින් ඉවත්ව සිටින බවද” එහෙත් හදිසි ශල්‍ය කර්ම පිළිකා ප‍්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද උභය බණ්ඩාර වරකාගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment