වෛද්‍ය ෂාෆි නැවත සේවයේ යෙදවීම සහ හිඟ වැටුප් ගෙවීම – අමාත්‍යාංශ ලේකම්ගේ ලිපිය බල රහිත කරන්න

413

– මහා සංඝරත්නය සහ ජාතික සංවිධාන එකමුතුවෙන් කුරුණෑගල විරෝධතා

සිංහල මව්වරුන් ඉලක්ක කරගනිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාපි ෂාබ්දීන් වෛද්‍යවරයා විසින් සිදුකළ මහා පරිමාණයේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ඔහුට එල්ල වූ චෝදනාවට පළමු අවස්ථාවේ සිටම වගකිවයුත්තන් කටයුතු කළ ආකාරය වැරැුදි යැයි මහජන යුතුකම් කේන්ද්‍ර සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේගම චන්ද්‍රරත්න හිමියන් පැවසීය.

වෛද්‍ය එස්. එස්. එම්. ෂාපි මහතා අනිවාර්ය නිවාඩු යැවූ කාලයේ සිට ඔහුට හිමි වැටුප ගෙවන ලෙසත්, ඔහු නැවත සේවයේ පිහිටුවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට යොමුකළ ලිපියට විරෝධය පළකළ මහා සංඝරත්නය සහ වන්ධ්‍යකරණයට ලක්වූ මව්වරුන් ඇතුළු ක‍්‍රියාකාරීන් පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට රජයට එරෙහි සටන් පාඨ සහිත දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කරමින් පසුගිය 18 දා විරෝධතාවක නිරත විය.

පූජ්‍ය ජඹුරේගම චන්ද්‍රසේන හිමියන් මෙහිදී පැවසුවේ,

කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ සහ කොළඹ ශ්‍රෙෂ්ඨාධිකරණයේ වෛi ෂාෆිට එරෙහි නඩු විභාග වන බවත්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ෂාපි වෛද්‍ය වරයාගේ වෘත්තීමය හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද පැවැත්වෙනවා. මේ එකකින්වත් වෛi ෂාෆි නිවැරැුදි වෙලා නෑ. මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයක් නැතිව තිබියදී සෞඛ්‍ය ලේකම් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිපියකින් දැණුම් දෙනවා ෂාපි වෛද්‍යවරයාට හිඟ වැටුප් ගෙවන්න, නැවත සේවයේ පිහිටුවන්න කියලා.

මේ වෙලාවේ මේ ක‍්‍රියාත්මක වෙන්නේ මුස්ලිම් අන්තවාදයද කියලා මහා සංඝරත්නයට සැකයක් තිබෙනවා. අද මේ රටේ නීතිය, යුක්තිය, සාධාරණත්වය ක‍්‍රියාත්මක වෙන්නේ නැති බවත් රජය මේ සඳහා මැදිහත් වෙන්නේ නැත්නම් අම්මාවරුන් පාරට බැහැලා යුක්තිය සාධාරණත්වය ඉටුකර ගන්නා දවස ඉදිරියේදී සිදුවනවා යැයිද උන්වහන්සේ පැවසූහ.

මේ රටේ මව්වරුන් වන්ධ්‍යකරණයට පත්කිරීමේ, අන්තවාදයේ උච්චතම අවස්ථාව වෛද්‍ය ෂාපි ෂාබ්දීන් බවත්, තනි පුද්ගලයකුට දඬුවම් කිරීම පමණක් සීමා නොවන බවත් මේ දුෂ්ට ක‍්‍රියාවන්ට සම්බන්ධ සියලූම පරිපාලන නිලධාරින්ට එරෙහිව පියවර ගත යුතු බවත් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවැසීය.

මෙම අවස්ථාවට සහභාගි වූු ඇත්කඳ රාජමහා විහාරාධිපති පූජ්‍ය දිවුල්කුඹුරේ සුමංගල හිමියන් සහ මව්වරුන්ද අදහස් දැක්වීය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල
 

advertistmentadvertistment
advertistmentadvertistment