වෛරි කථනයට එරෙහි දිනය අද

129

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කර ඇති වෛරී කථනයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (18 දා) ට යෙදී තිබේ.

අද අපි වෛරී කථනයට එරෙහි ප්‍රථම ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා. වෛරී කථනය පිළිබඳ ගෝලීය වශයෙන් සිදුවී ඇති නැගීසිටීම සහ ඒ පිළිබඳ දක්වන උනන්දුව හඳුනාගනිමින් පසුගිය වසරේ ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් වෛරී කථනයට එරෙහිව අන්තර් ආගමික සහ අන්තර් සංස්කෘතික සංවාදය සහ ඉවසීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම මගින් ජුනි 18 වෛරී කථනයට එරෙහි ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කළා.

වෙනස් කොට සැලකීම, විජාතික භීතිකාව සහ වෛරී කථනය පිටුදැකීමේ ගෝලීය මුලපිරීමේ සන්ධිස්ථානයක් ලෙස අද සනිටුහන් කරනවා. පළමු වතාවට මෙම දිනය සමරන විට පෙර නොවූ විරූ ලෙස පැතිරී ඇති වෛරී කථන සිදුකිරීම මගින් මානව ගරුත්වය සමානාත්මතාවය සහ සාමය කෙරෙහි ඇති ගෞරවය හෑල්ලුවට ලක්කර ඇති අතර එය ආමන්ත්‍රණය කිරීමට අප වැඩි උත්සාහයක් දැරිය යුතුයැයි පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සභාපතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment