වොයිස් වේදිකාවට ඇවිත් රමියා ගහපු ගේම මෙන්න…

288

මේක බලාපොරොත්තු වුණ ජයග්‍රහණයක් නෙමෙයි
මම වැල්ලත් එක්ක ඔට්ටු වුණ කොල්ලෙක්
චෙක් පොයින්ට් බෑන්ඩ් එක දාලා යන්නේ නෑ..

රමියා මිනිස්සුත් එක්ක තමයි ඉස්සරත් හිටියෙ. ඉදිරියටත් එහෙමමයි. පොළොවෙ පයගහල ඉන්න කලාකරුවෙක් හැටියට මිනිස්සුත් එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න තමයි හිතන් ඉන්නෙ.

ජාත්‍යන්තර රියැලිටි වේදිකාවක දැනෙන්න වැඩක් කරපු කොල්ලෙක් තමයි රමියා කියන්නෙ. මේ දවස්වල කොල්ලො කෙල්ලො කතාවෙන්නෙම ඔහු ගැන. ‘රමියා මාරයි’, ඕක තමයි කතාව. ඔහු මාර නැත්නම් ද වොයිස් ශ්‍රී ලංකා වේදිකාවේ උමාරියා, ශෂිකා, කසුන්, සුපුන් වගේම භාතිය සංතුෂ් යන කෝචර්ස්ලා ඒ වගේ කතා කියන්නෙ නැහැනෙ. සමහර වෙලාවට රමියා කෝචස්ලාවත් හොල්මන් කළා. මොකද ඔහු වොයිස් වේදිකාවට ගෙනෙන්නෙ වෙනස්ම වයිබ් එකක්.

වොයිස් වේදිකාවට ඇවිත් රමියා ගහපු ගේම මෙන්න…

වැල්ලත් එක්ක ඔට්ටුවුණ මේ කොල්ලා අළුත්ගම, මොරගොල්ල ගමේ ඉඳන් ස්ටයින් මැදිරියට එන්නෙ ද වොයිස් කිරුළ දිනාගන්නම නෙමෙයි, රටම දන්න කෙනෙක් වෙලා පොඩි මැච් එකක් ගහන්න. අන්තිමේ රමියා වොයිස් වේදිකාවේ ගායනා කළ කුලගෙදරින්, අලුත් කලාවක්, සීත මෝසම්, බල්ලා, පියුමෙහි පැණිබොති වගේ ගීත යූ ටියුබ් ටේ‍රන්ඩින් වුණා. රමියාට ටේ‍රන්ඩින් වෙන එකයි ග්ලෝබල් යන එකයි නතිං කියලා වරක් සුමිරාන් ගුණසේකර වොයිස් වේදිකාවේදීම පවසනවා. මේ කතාව ලියන මොහොත වන විටත් රමියාගේ ‘බල්ලා’ ගීතය මිලියනයක් නරඹලා. නොකවුට් වටයෙන් එලියට ගිහින් කම් බැක් ස්ටේජ් එකෙන් කරළියට ඇවිත් යූ ටියුබ් ටේ‍රන්ඩින් කරපු රමියා, නැතිනම් රමේෂ් ශෂින්ත හොයාගෙන අපිත් ආවා මොරගල්ලට. රමියාගේ වචනයෙන්ම කියනවනම් මේ දවස්වල හැමෝම හොයන්නේ මේ යෝ යෝ වයිබ්‍රේෂන් එකේ කතාව. කියවලා බලන්න, OK ද කියල.

රමියා, You are the Winner. කියමු ඒ Feeling එක ගැන?

ඇත්තටම කිව්වොත් මේක මම බලාපොරොත්තු වුණ ජයග්‍රහණයක් නෙමෙයි. මට ආදරය කරන මිනිස්සු තමයි මාව මෙතනට අරගෙන ආවෙ. මම ජයග්‍රහණය බලාපොරොත්තු නොවුණත් ඔයා එතනට යන්න ඕන කියල මිනිස්සු මාව තල්ලු කළා කියල තමයි මට මේ ජයග්‍රහණය Feel වෙන්නෙ.

කවුද මේ රමියා?

රමියා කියන්නෙ වැල්ලෙ හැදුන කොල්ලෙක්. ගම අලුත්ගම. එයාට හොඳම වේදිකාව සකස්වෙලා තිබුණෙත් වැල්ලෙ. පාසල් ගියේ අලුත්ගම විද්‍යාලයට. පවුලේ විස්තර කිව්වොත් අම්මා, අක්කා සහ මල්ලිල දෙන්නෙක් ඉන්නව. මට දැන් වයස අවුරුදු විසි නවයක් වෙනව. මේ විසිනවයටම ආසාවෙන් කරපු Job එක තමයි Music.

වොයිස් වේදිකාවට ඇවිත් රමියා ගහපු ගේම මෙන්න…

කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනැගුවේ?

ලංකාවෙ මිනිස්සු බහුතරයක් රෙගේ වලට ඒ හැටි කැමැත්තක් නැහැ. නමුත් සුළුතරයක් Pure Reggae අහනව. මම කල්පනා කළා කොහොමද මම මේ දේ මිනිස්සුන්ට ඉදිරිපත් කරන්නෙ කියල. ආස කරවන්නෙ කොහොමද කියල. ඊට පස්සෙ ආයෙත් කල්පනා කළා රෙගේ Music දාල අපේ තියෙන හොඳ Master peace සින්දු අරගෙන ඒ හරහා මිනිස්සු එක්ක Conect වෙන්න. මං හිතනව මම සාර්ථකයි කියල.

රමියා කියන්නෙ බීච් එකේ Music කරපු කොල්ලෙක්?

ඔව්, ඇත්තටම මම මේක මුලින්ම පටන්ගත්තෙ සල්ලිවලට නෙමෙයි. මගේ Skill එක Develop කරගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි Music පටන්ගත්තෙ.

වොයිස් වේදිකාවට ඇවිත් රමියා ගහපු ගේම මෙන්න…

පාසලේ පන්තියත් වේදිකාවක් කරගත්තා?

ඔව්.. ඔව්… මගේ ප්‍රථම වේදිකාව මගේ පන්තිය කිව්වොත් නිවැරදියි. Free Period එකක් ලැබුණ ගමන් පන්තියේ Desk එක උඩ නටරාජ් කවකටු පෙට්ටිය තියල අඩිරූලයි පැන්සලයි අරගෙන ගගහා සින්දු කියනව. එතනදි මගේ පන්තියේ හිටපු යාළුවො මාව ගායකයෙක් විදිහට දැක්කා. මම ගොඩක් Western Music වලට ආසයි. සමහර වෙලාවට ඉංග්‍රීසි වචන එච්චර පාඩම් නැති වුණත් බොරු වචන හදල සින්දුවේ Melody එක විදිහට කියනව. කාලයක් යද්දි මටම තේරුණා මට මේ ගැන Talent එකක් තියෙනව නේද කියල. ඊට පස්සෙ කොලවල ලියාගෙන සින්දු පාඩම් කරන්න පටන්ගත්තා. එහෙම ආපු ගමනෙදි දන්නෙම නැතිව මේ වගේ දැවැන්ත Artist කෙනෙක් වෙන්න ශක්තියක් වුණේ පාසලේ පන්තියෙන් පටන්ගත්ත ගමන තමයි.

ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත්ද?

පාසල් යන අවධියේ මට ඉංග්‍රීසි කතාකරන්න බැහැ. දැන් පුළුවන්. නමුත් ඒකෙ යම්කිසි මට්ටමක් තියෙනවනෙ. අපේ ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය එක්ක සම්බන්ධතා තියෙන නිසා අපිටත් ඉබේම වගේ හුරු වුණා.

පාසල් කාලයෙන් පස්සෙ මොකක්ද තෝරාගත්තෙ?

පාසලෙන් Out වුණාට පස්සෙ Swimming instructor කෙනෙක් විදිහට වැඩ කළො.

වොයිස් වේදිකාවට ඇවිත් රමියා ගහපු ගේම මෙන්න…

Voice තරගයට කවුද Apply කළො ?

මේ තරගයට මම ම තමයි Apply කළේ. මේකෙ පළවෙනි තරගයට මම ආවා. නමුත් Select කරගන්න Audition එකේදිම මාව කැපුණා. මම එදා හිතාගත්තා ලබන පාර Blind එකේ හරි Sing කරනව කියල. අවසානයේ Blind එක නෙමෙයි Voice Title එකම වුණා.

B&S ඔබට කිව්වා රමියා තමයි වේදිකාව හෙල්ලුවේ කියල. කොහොමද ඒ Comment එක දැණුනෙ?

ඒ වගේ දැවැන්තයකුගෙන් ලැබුණ Comment එක ගැන ලොකු ආඩම්බරයක් දැණුන.

ඔබට විදේශීය තරුණියන්ගේ ආකර්ෂණය වැඩියි?

ඇත්තම කතාව තමයි ඒ ගොල්ලො විශ්වාස කරනව ජැමෙයිකාවට බොබ්මාලෙ වගේ ශ්‍රී ලංකාවට ඉන්නෙ මම කියල. ඔවුන් එහෙම Comment මට දීල තියෙනව. විස්මයක් අත්වින්ද විදිහට තමයි එයාල කතාකරන්නෙ. විදේශීය රටවලදි බොබ්මාලේගෙ පරපුරෙන් පැවත එන ඩේමියන් මාලි, ෂිගි මාලි වගේ දැවැන්ත කලාකරුවන් සහභාගි වෙන Concert බලන්න ගිහින් තිබුණත් ඔවුන් සින්දුවක් දෙකක් වැඩිම වුණොත් හතරක් කියල ප්‍රේක්‍ෂකයන් සතුටු කරල යනව, නමුත් ඔයා Opening act එකේ පටන් Ending act එක දක්වාම එක දිගට Energy එක තියාගෙන ගීත ගායනා කරනව කියල විදේශිකයන් මට කියල තියෙනව.

Check Point Band එකට ඔබ සම්බන්ධ වෙන්නෙ?

මම මේ බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්නෙ 2022 අවුරුද්දෙ ජූලි මාසයේදි. මගේ වෘත්තියන් කාලයත් එක්ක වෙනස් වුණා. මුල් කාලෙ Swimming instructor කෙනෙක් විදිහට අවුරුදු හතක් වැඩ කළා. ඉන් පස්සෙ Surfing instructor කෙනෙක් විදිහට, Life Guard කෙනෙක් විදිහට වැඩ කළා. අවසානයේ නතර වුණ තැන තමයි Music කියන්නෙ.

තරගයේ අවසාන කාලය වන විට Tranding වෙන එකයි Global යන එකයි Nothing කියල සුමිරාන් ගුණසේකර කියනව?

ඔව්, ඒක අමුතුම හැඟීමක්. නමුත් එවෙලෙම මම මටම කියාගත්තෙ මමUnic, මම දන්නව ඒක. Trending වීමට හේතුව සමහරවිට මගේ Unicnes එක වෙන්න ඇති නැත්නම් අනිත් අය වගේ නැතිව වෙනම විදිහක් වුණ නිසා වෙන්න ඇති කියල.

ඔබට වෙනම වචන ටිකක් තියෙනව?

ඔව්, ඒවාට Coaches ලාත් කැමතියි. ඒ මම නියැළුන ක්‍ෂේත්‍ර සහ ඇසුරු කරන පුද්ගලයන්ගෙන් මට ලැබුණ දායාද වගේ දේවල් තමයි. එවා අරගෙන Positiv Feeling එකක් දැනෙන විදිහට ගොඩක් වචන මම හදාගත්තා. ඒක අවබෝධයකින් කළ දෙයක්.

Coaches ලා හතර දෙනාම කිව්වා රමියා තමයි Voice කිරුළ අතට ගන්නෙ කියල?

ඔව්, නමුත් ඒ වචන මම හිතින් ඉවත් කර ගත්තා. කිසිම දේකට මම Care කරන්නෙ නැහැ. ඔවුන් මෙහෙම කියන්නෙ මගෙ Talent එකට වුණාට මට වඩා දක්‍ෂ අය මෙතන ඉන්නව. මේ වචනෙ හිතින් අයින් කරල මම උපරිම Try කරන්න ඕන මගේ Coach උමාරියාට ගරුත්වයක් එන විදිහට තව හොඳට Practice කරල වැඩ කරන්න කියලයි මම හිතුවෙ. එහෙම නැතිව ඒ වචන ඔළුවෙ තියාගෙන මම දැන් දිනල ඉවරයි, මට Easy කියල හිතුවෙ නැහැ. දැවැන්ත කලාකරුවන්ගෙන් ලැබුණ ඒ Comment මට Motivate එකක් විදිහට සළකන්න පුළුවන්. නමුත් මම හිතුව මම තව මදි, තව ඉගෙනගන්න ඕන, උනන්දු වෙන්න ඕන, කැපකිරීම් කරන්න ඕන කියල. ඒ දේ හරහා තමයි Voice වේදිකාවේ මම තවත් ශක්තිමත් වුණේ.

ඉදිරියේදී රමියාට මොකද වෙන්නෙ?

රමියා මිනිස්සුත් එක්ක තමයි ඉස්සරත් හිටියෙ. ඉදිරියටත් එහෙමමයි. පොලොවෙ පයගහල ඉන්න කලාකරුවෙක් හැටියට මිනිස්සුත් එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියන්න තමයි හිතන් ඉන්නෙ.

ඔබ වෙනස් නොවෙයි කියල විස්වාසද?

ඒක මාව ආශ්‍රය කරන මිනිස්සු දන්නව. ඒ ගොල්ලො මං පටන්ගත්ත තැන දන්නව සහ අද මම ඉන්න තැන ගැන හොඳ අවබෝධයක් තියෙනව. එහෙම වෙලත් ඒ අය මට ආදරේ දෙන්නෙ මම වෙනස් නොවී ඉන්න නිසා කියල මම විස්වාස කරනව.

ගමෙන් ලැබුණ Supp එක කොහොමද?

අලුත්ගම අවට ප්‍රදේශවලින් මිනිස්සු වැඩකට අතගැහුවොත් මම විස්වාස කරනව එයාල Never give up. එයාල Positive Vibration එකේ ජීවත් වෙන මිනිස්සු. හැම වෙලේම ජීවිතේ ධනාත්මක පැත්ත දකින මිනිස්සු. දැන් මොන දේ නැතත් ටික කාලෙකින් ළඟාකරගන්න පුළුවන් කියල හිතන මිනිස්සු. ඉතිං ඒ මිනිස්සු මේක පටන්ගත්ත දවසෙ ඉඳන් මට කිව්වා Live Showsවලට වෙනකන් ඔයා එන්න, එතනින් එහාට අපි බලා ගන්නම් Bro කියල. දැවැන්ත සහයෝගයක් ලැබුණා එයාලගෙන්. ඒ සහයෝගයට ආදරෙයි හදවතේ අඩියෙන්ම.

Check Point එකෙන් ඉවත් වෙනවද?

මං කවදාවත් මගේ Band එකෙන් අයින් වෙන්නෙ නෑ. Band ගොඩක Play කරන්න මම Try කරල තියෙනව. ඒ එකක්වත් මට ගැලපිලා නැහැ. Check Point මට මුණ ගැහුණ දා ඉඳන්ම මම හිතුවෙ මේක තමයි මට ලැබුණ හොඳම බෑන්ඩ් එක කියල. ඒ සහෝදරයොත් ඔක්කොම මට ආදරෙයි. මමත් ඒගොල්ලන්ට ආදරෙයි. එයාලත් එක්කම ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නෙ.

Check Point එකෙන් Voice එකට ලැබුණෙ මොන වගේ සහයෝගයක්ද?

Voice වේදිකාවේ Perform කරන්න Band එකෙන් නොමසුරු, නොමද සහයෝගයක් ලැබුණ. ඇත්තටම කිව්වොත් ඒගොල්ලන්ට ලැබුණු Shows පවා මං වෙනුවෙන් Cancel කරල මං වෙනුවෙන් සැදී පැහැදී පෙළ ගැසී සිටියා. ඒගොල්ලන්ට මගේ උත්තමාචාරය දෙනව හදවතින්ම.

අලුත් වැඩක් කරන්න හිතුවද?

ඔව්, මගේම ගීත කිහිපයක් හැදෙමින් පවතිනව. ඒ ගැන වේලපහ අනාවැකි කියන්නෙ නැහැ. හදල එළියට දැම්මට පස්සෙ මම විස්වාස කරනව සියළුම ප්‍රේක්‍ෂකයන් ආදරයෙන් වැළඳගනී කියල.

Tourism පැත්තට ඔබේ Plan එකක් නැද්ද?

මගේ Plan එක තමයි ලංකාවේ පවතින සංචාරක ව්‍යාපාරය මම දන්න Music හරහා දියුණු කරන්නෙ කොහොමද කියන එක ගැන මම හොයමින් ඉන්නව. ඒකෙ නිසි අවබෝධය ලබාගත්තට පස්සෙ මම ඒක ක්‍රියාවට නන්වන්න සූදානම් මගෙ Band එකත් එක්ක.

ඔබේ ශෛලියත් එක්ක කතන්දර අහපු අවස්ථා තියෙනවද?

ඔව්… ඕව්… මගේ ජීවිතේ වැඩිපුරම ඒ වගේ කතන්දර තමයි මම අහගෙන තියෙන්නෙ. නමුත් ඉතින් මිනිස්සු කියන කතා ඇතුළෙ ඇත්තටම තියෙන්නෙ ඇත්ත නෙමෙයිනෙ. ඔවුන්ගේ මානසික මට්ටම. එතනදි මම කවදාවත් Drop වෙලා නෑ අනේ මට මෙහෙම කිව්ව නේද කියල. පිටතින් දකින දේ විස්වාස කරන්න හොඳ නැහැ. පොඩ්ඩක් හොයල බලන්න ඕන.

කට්ට කාපු තැන්, දුක් විඳපු තැන් ඇති?

ජීවිතේ කට්ට කන්නෙ නැතිව, දුක් විඳින්නෙ නැතිව තමන්ගෙ Targetsවලට යන්න බැහැ. Targetsවලට යන්න නම් ජීවිතේ දුක් විඳින්න ඕන, කට්ට කන්න ඕන.

රමියා කියන්නෙ වැල්ලත් එක්ක ඔට්ටු වෙච්ච කොල්ලෙක්?

අනිවාර්යයෙන් වැල්ලත් එක්ක ඔට්ටු වෙච්ච කොල්ලෙක්. ඒ වැල්ලට එන ජාත්‍යන්තර මිනිස්සු හරහා මම දැකල තියෙනව ලංකාවේ නැති ලෝකයේ ඇති දේවල්. මම කැමතියි ඒවා ලංකාවට ගේන්න. මෙහෙම දේවලුත් තියෙනව Try කරල බලන්න කියල.

විදෙස් රටකට යන්න ආරාධනා ලැබිල තියෙනවද?

ඔව්, අනන්තවත් මට කතාකරල තියෙනව, මම Sponsor කරන්නම් අපේ රටට යං කියල. නමුත් මගේ හීනය වුණේ විදේශීය කාන්තාවක් කසාද බැඳල පිටරටක ගිහින් ජීවත් වෙන්න නෙමෙයි. මගේ හීනය වුණේ මට දක්‍ෂතාව තියෙන Music වලින් මැරෙන්න කලින් ලංකාවට අභිමානයක් ගේන්න. එතනදි එයාල කළ ආරාධනා සියල්ල ප්‍රතික්‍ෂේප කළා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment