වොයිස් වේදිකාව හැඩ කළ ටයිනි සහ නවංජනාගේ සමනල පියාපත්

224

සිරස ටීවී ඔස්සේ විකාශය වන ඔයැ ඩදසජැ වැඩසටහන හරහා ජනප‍්‍රියත්වයට පත්වූ ටයිනි පමුදිතා සහ නවංජනා හිමංසි යන සොයුරියෝ ‘සමනල පියාපත්. නමින් ඔවුන්ගේ පළමු ගීත නිර්මාණය පසුගිය හත්වැනිදා එළිදැක්වූහ.

 ඔයැ ඩදසජැ වේදිකාව මත වෙනස්ම ආරකට ගීත ගායනා කරමින් බොහෝ දෙනකුගේ ආකර්ෂණය දිනාගනිමින් ජනප‍්‍රියත්වයට පත් වූ මේ සොහොයුරියන් ගායනයට මෙන්ම වාදනයටද උපන් හපන්කම් දක්වයි.

 සමනල පියපත් ලෙස ඔවුන් එළිදැක්වූ ප‍්‍රථම නිර්මාණය තාරුණ්‍යයේ ඇතිවන පේ‍්‍රමාන්විත හැඟීමක් පදනම් කරගනිමින් කළ නිර්මාණයකි. ඒ පිළිබඳව ටයිනි අපත් සමඟින් මෙලෙස අදහස් දැක්වූවාය.

 ‘ඇත්තටම මේ ගීතයේ පද රචනය කළේ මගේ අම්මා. ඇය විදුහල්පතිවරියක්. මේ නිර්මාණය ගීතයක් කරනවා කියලා හිතාගෙන කළ නිර්මාණයක් නෙමෙයි. නව යොවුන් වියේ ඇතිවන පේ‍්‍රමණීය හැඟීම ගැන අම්මා වචන ටිකක් ලියල මට දුන්නා. ඒ වචන ටික ගීතයකට සුදුසු නිසා අපි ඒකට තනුවක් දාලා ගීතයක් බවට පත් කළා. මේ ගීතයට සංගීතය නිර්මාණය කළෙත් මම විසින්මයි..

 මේ වන විට ටයිනි වෘත්තියෙන් නීතිඥවරියක් ලෙස කටයුතු කරන අතර ඇයගේ සොහොයුරිය නවංජනා මොරටුව විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. කුඩා කාලයේ සිටම සංගීතයට සහ ගායනයට දැඩි කැමැත්තක් දැක්වුවද කිසිවිටෙකත් සංගීතය වෘත්තිය ලෙස තෝරා නොගන්නා බව ටයිනි සිහිපත් කළාය.

 ‘අපි ගායනයට වගේම සංගීතයටත් පොඩි කාලේ ඉඳලම කැමතියි. මට වගේම නංගිටත් පියානෝ වාදනය කරන්න පුළුවන්. නංගිට ගිටාර් වාදනය කරන්නත් පුළුවන්. ගෙදරදී විනෝදාස්වාදයට ගීත ගායනා කළාට ඔයැ ඩදසජැ තරගයට සහභාගී වුණාට පස්සේ තමයි මුළු රටම අපිව අඳුර ගත්තේ. ඔයැ ඩදසජැ වේදිකාවේදී අපි බොහෝමයක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම කෝච්ලා අපට ලබාදුන් සහයෝගය නිසා තමයි මේ තරම් දුර ගමනක් එන්න අපට පුළුවන් වුණේ..

 භාතිය සන්තුෂ්ගේ ගීත වලට මෙන්ම අමරදේවයන්ගේ ගීත ගායනයට අතිශයින් ඇලූම් කරන නිසා එයැ ඩදසජැ වේදිකාවේ වැඩි වශයෙන්ම භාතිය සන්තුෂ්ගේ ගීත ගායනා කළ බවත් ටයිනි සිහිපත් කළාය. මොවුන්ගේ නවතම ගීතය සඳහා රූප රචනයක් ද සිදුකර ඇති අතර මනෝජ් දේවගේ ඒ සඳහා රංගනයෙන් දායක වේ. මෙම රූපරචනය සචිත් රුක්මන්ත විසින් සිදුකර ඇත. මෙම ගීතයට මේ වන විටත් ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් පවතින බවත් ඉදිරියේදී ටයිනි සහ නවංජනා එක්ව ඔවුන්ගේම ගීත ඇල්බමයක් නිකුත් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් ටයිනි සිහිපත් කළාය.

 ‘අපි කුඩා කාලයේ එක ගීතයක් කරලා තියෙනවා. ඒ ගීතය පද රචනය කළෙත් අපේ අම්මා. අලූත්ම ගීතයේ පද රචනය කළෙත් අම්මා. ඒ නිසා තව නිර්මාණ කිහිපයකම වචන අම්මට කියලා ලියවගන්න මමයි නංගියි තීරණය කරා. ඒ වගේම ඒ ගීත වලට සංගීතය නිර්මාණය කරන්නෙත් මමයි නංගියි. අදටත් වොයිස් වේදිකාවෙන් මුණගැහුණු කෝච්ලා අපිට අවශ්‍ය උපදෙස් මඟපෙන්වීම ලබා දෙනවා. සංගීත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් ආශ‍්‍රය කරන්න වොයිස් වේදිකාව අපට ඉඩ හදලා දුන්නා. ඔවුන්ගේ ද සහයෝගය ඇතිව සංගීත ක්ෂේත‍්‍රයේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන සියලූ දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment