වොල්ගා ආදරයෙන් භාරගත් ගුණාදරී

343

විවාහයක් ගැන හිතන්නේ නැහැ

ඇත්තටම මට මේ වෙලාවේ ගුණාදරීව ගොඩක් දැනෙනවා. ඒකට හේතුව තමයි ගුණාදරී කියන්නේ වර්තමාන සමාජයේ නැති චරිතයක්. ගුණාදරීගේ ගොඩක් දේවගති තියනවා. මම හැම තිස්සේම විශ්වාස කරනවා වොල්ගාට ගුණාදරීගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා කියලා.

වොල්ගා ආදරයෙන් භාරගත් ගුණාදරී

මාණික්කාවතේ ගුණාදරීව ඇගේ හදවතට දැනෙන විදිහ ඇය අපට හදවතින්ම ඔන්න ඔය විදියට ප්‍රකාශ කළා. මාණික්කාවතට පෙම් බඳින බොහෝ දෙනෙක් ඒ විදිහටම ගුණාදරීටත් පෙම් කරනවා. මොකද ගුණාදරී බොහෝ දෙනෙකුගේ හිත්වල මේ දිනවල සැරිසරනවා.

● ඇත්තටම කවුද මේ ගුණාදරී

 ඇය ටිකක් වෙනස් විදිහට හිතන පතන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න නිතරම උත්සාහ කරන වොල්ගා කල්පනී. වොල්ගා ගුණාදරීට කරන සාධාරණය නිසාම ඇගේ හඬට ඉඩක් මේ වෙලාවේ දිය යුතුමයි කියලයි අපිටත් හිතුනේ.

වොල්ගා ආදරයෙන් භාරගත් ගුණාදරී

● ගුණාදරීට වෙන අසාධාරණයක් ගැන වොල්ගා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්
 

ගුණාදරීට ලොකු අසාධාරණයක් මේ දිනවල සිද්ධ වෙනවා. ඇත්තටම ගුණාදරී බලහත්කාරකමකට ලක්වෙනවා. මේක හරි ලස්සන කතාවක්. මම හිතන්නේ මාණික්කාවතත් එක්ක දිගටම එකතුවෙලා ඉන්නකොට දැනගන්න පුළුවන් වෙයි ගුණාදරීට මොකද වෙන්නේ කියලා. ගුණාදරීටත් වොල්ගාටත් ජීවිතයේ වෙන්න තියෙන දේවල් වළක්වන්න බැහැ. ඒක තමයි ඇත්ත.

ගුණාදරී හින්දා මාව වෙනස්ම විදිහට තමයි ප්‍රේක්ෂකයා අඳුරගත්තේ. ගොඩක් දෙනෙක් ගුණාදරීට ආදරය කරනවා වගේම, ගුණාදරී දිහා බලන විදිහට වොල්ගා දිහා බලන්න පුරුදුවෙලා තියෙනවා. මට වෙනදාටත් වැඩිය වෙනදා නැති ආකර්ෂණීය ප්‍රේක්ෂක ආදරයක් මේ දිනවල ලැබෙනවා. ඒකට ඇත්තටම මම ප්‍රේක්ෂකයාට හිස නමලා ආචාර කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා.

වොල්ගා ආදරයෙන් භාරගත් ගුණාදරී

● ගුණාදරී ගැන  වොල්ගාට තිබෙන්නේ මෙන්න මේ වගේ කියැවීමක්
 

මට මීට කලින් ගුණාදරී වගේ චරිත හමුවෙලා නැහැ. මොකද එකක් ඇස් අන්ධයි. මම මීට කලින් ඇස් අන්ධ චරිතයක් රඟපාලත් නැහැ. ගුණාදරී කියන්නේ ස්වභාව දහමට ගොඩක් ආදරය කරන චරිතයක්. මම ජීවිතයේ ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි ගුණාදරී කියන්නේ.

වොල්ගා ආදරයෙන් භාරගත් ගුණාදරී

මම ගුණාදරී හින්දා කිසිම දුකක් වින්දේ නැහැ. මොකද වොල්ගා ගුණාදරීව භාරගත්තේ බොහොම ආදරයෙන්. ජීවිතයේ අපිට හමුවන දේවල් ආදරයෙන් ළංකර ගන්න කොට ඒ දේවල් වලින් අපිට දුකක් දැනෙන්නේ නැහැ. කරදරයක් විදිහට අපිට දැනෙන්නේ නැහැ.

වොල්ගාට කිසිම විදිහකින් කරදරයක් වුණේ නැහැ. හැමදාම රූගත කිරීම් කරපු දවසේ ඉඳන් බොහොම ආසාවෙන් තමයි මම ගුණාදරී එක්ක හිටියේ.

● මේ වෙලාවේ වොල්ගා ගුණාදරීට පමණක් සීමාවෙලාද යන පැනයට දුන්නේ මෙන්න මෙහෙම අදහසක්
 

මේ වෙනකොට සුදත් රෝහණ මහත්මයාගේ මාණික්කාවත වගේම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගේ පාරදිගේ ටෙලි නාට්‍ය දෙක තමයි විකාශනය වෙන්නේ. මාණික්කාවතේ අපි මේ වෙනකොට රූගත කිරීම් අවසන් කරලයි තියෙන්නේ.

● ගුණාදරීගෙන් මිදී ටුටූ ගැන වොල්ගා කියන කතාව
 

ටුටූ ට මිනිස්සු බණින්නේ නැහැ. ටුටූගේ ගති ලක්ෂණවලට මිනිස්සු ආදරය කරනවා. ටුටූගේ චරිතයටත් සාධාරණයක් කරනවා කියලා කට්ටිය කියනවා. පසුගිය දවස්වල ටුටූ හිටියේ නැත්තේ ඩාර්ලිං එක්ක ඇතිවුණ ප්‍රශ්න හින්දයි. ඒක ඇත්තටම පිටපතට අනුව සිද්ධ වුණ දෙයක්.

මේක මගේ හොඳම කාලය. මොකද වෙනස් විදිහේ චරිත දෙකක් නාලිකා දෙකක දෙපැත්තෙන් විකාශනය වෙනවා. ඒ වෙනස ප්‍රේක්ෂකයා හොඳ බුද්ධිමත් විදිහට අත්විඳිනවා මම දැකලා තියෙනවා.

● චරිතාංග නිළියක්වීම ගැන වොල්ගාට තිබෙන්නේ මෙවැනි මතයක්
 

ඔව්. මම කොහොමත් මෙතනට ආපු දවසේ ඉඳලා තෝරා බේරාගෙන තමයි වැඩ කළේ. මම හැම නාට්‍යයටම ගියේ නැහැ. මට ලැබෙන චරිත ගැන මට කිසිම ආඩම්බරයක් නැහැ. මම බුදුරජාණන් වහන්සේ, ජේසු තුමන්, දෙවියන්, ස්වභාව ධර්මය අදහන කෙනෙක්. මම ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා මොකක්දෝ වාසනාවකට මට හම්බවෙන්නේම විවිධ චරිත. මම හිතනවා ඒක මගේ වාසනාවට ලැබෙන දෙයක් කියලා. මම චරිත තෝරා ගැනීමේදී එදා වගේම අදත් පිරිස්සම්. අනාගතයේදීත් පරිස්සම්.

● ජීවිතය ගැන ආපසු හැරී බැලීම ගැන ඇයට තිබෙන්නේ මෙවැනි කියැවීමක්
 

ජිවිතය ගැන ආපසු හැරී බැලුවහම හරිම සතුටුයි. තව යන්න තියෙන දුර ගොඩයි. ජිවිතයේ හැම දෙයක්ම වාසනාවත් එක්ක සිද්ධ වුණ දේවල් කියලා තමයි මම විශ්වාස කරන්නේ.

● ප්‍රශ්න දිහා වොල්ගා බලන්නේ වෙනස්ම ආකාරයකට

ජීවිතයේ ඕනෑම මනුස්සයෙකුට ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න නැතිනම් වැඩකුත් නැහැ. වොල්ගා යළි විවාහයක් ගැන හිතන ප්‍රශ්නයට දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක්

විවාහයක් ගැන දැනට බොහෝවිට හිතන්නේ නැති වේවි. නීත්‍යානුකූල විවාහයක් මගේ ජීවිතයට අවශ්‍ය නැතිවෙයි කියන තැන තමයි මම ඉන්නේ.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment