වොලිබෝල් කණ්ඩායමට අරවින්දගෙන් සුබ පැතුම්

236

බංගලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන මධ්‍යම ආසියානු තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා ජාතික පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායමට සුබ පැතුම් එක් කිරීම සහ ඔවුන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා හිටපු ක‍්‍රිකට් නායක අරවින්ද ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ දේශනයක් ඇතුළත් සැසියක් ඊයේ (20) දින පවත්වන ලදි.

 මධ්‍යම ආසියානු ශුරතා තරගාවලියට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකා පිරිමි හා කාන්තා වොලිබෝල් කණ්ඩායම් බංගලාදේශයේ ඩකා නුවර බලා අද 21 වැනිදා දින අළුයම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබිණි.

 ක‍්‍රීඩකයන් 12 දෙනකු හා ක‍්‍රීඩිකාවන් 12 දෙනකු පුහුණුකරුවන් 04 දෙනකු කළමනාකරුවන් 02 දෙනකු සහ විනිශ්චයකරුවකු මෙම කණ්ඩායමට ඇතුළත් විය. මෙහිදී පිරිමි කණ්ඩායමේ නායකත්වය ලසිඳු මෙත්මාල් වසන්තප‍්‍රිය ක‍්‍රීඩකයා විසින්ද, කාන්තා කණ්ඩායමේ නායකත්වය තිලිනි වාසනා ක‍්‍රීඩිකාව විසින්ද දරණු ලබයි.

 ශ‍්‍රී ලංකා ජාතික වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සැසියට ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න සහ ලේකම් ඒ. එස්. නාලක යන මහත්වරුන් ඇතුළු වොලිබෝල් සම්මේලනයේ නිලධාරීන්ද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් පිරිසක් සහභාගි විය.

 හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක අරවින්ද සිල්වා මහතා ජාතික වොලිබෝල් කාන්තා කණ්ඩායම සමග සමූහ ඡුායාරූපයකට පෙනී සිටි අයුරු ඡුායාරූපයේ දැක්වේ.

වොලිබෝල් කණ්ඩායමට අරවින්දගෙන් සුබ පැතුම්
advertistmentadvertistment
advertistmentadvertistment