‘වොලිබෝල් ලෙජන්ඞ්ස් සිලෝන් ටු ශී‍්‍ර ලංකා’ ග‍්‍රන්ථය එළිදැක්වේ

141

1954 වසරේ සිට 2021 වසර දක්වා ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් කී‍්‍රඩා ඉතිහාසය පිළිබඳ සුසිල් රණසිංහ මහතා විසින් රචිත ‘වොලිබෝල් ලෙජන්ඞ්ස් සිලෝන් ටු ශී‍්‍ර ලංකා’ නම් වූ ග‍්‍රන්ථය එළිදැක්වීම පෙරේදා (16 වැනිදා) කොළඹ ගාලූ මුවෙදාර හෝටලයේදී පැවැත්විණි. තරුණ හා කී‍්‍රඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම එළිදැක්වීමේ අවස්ථාවට

 ශී‍්‍ර ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෲ මාර්සෙලෝ ගොන්සාල්ස්, ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් එ්. එස්. නාලක යන මහත්වරුන් සහභාගි වූහ.

 ශී‍්‍ර ලංකාවේ පළමු ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ, ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් කී‍්‍රඩකයා වන පියරතන වීරසිංහ මහතාට සහ පළමු ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ බියටි‍්‍රස් චන්ද්‍රලතා මහත්මියට උපහාර පිදීමක් ද මෙහිදී සිදුකෙරිණි.

 මෙම අවස්ථාව ස`දහා ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහ ඩිලාන් පෙරේරා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක්ද සහභාගි වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment