වෝනර් පවෙල් දිල්ලි දිනවති

130

ඩේවිඩ් වෝනර් සහ රොව්මන් පවෙල් දෙදෙනා එකතුව හතර වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනඟන ලද නොබිඳුණු ලකුණු 122 ක සම්බන්ධතාවය හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පෙරේදා (05 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27ක ජයග්‍රහණයක් හිමි විය.

ඩේවිඩ් වෝනර් පන්දු 58 කදී නොදැවී ලකුණු 92ක්ද, රොව්මන් පවෙල් පන්දු 35කදී නොදැවී ලකුණු 67ක්ද වාර්තා කළහ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී ලකුණු 207ක් ලබා ගත් අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පිළිතුරු ලෙස ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 186ක් පමණි.

හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් නිකොලස් පූරන් පන්දු 34කදී ලකුණු 62ක්ද, ඒඩ්න් මාක්‍රම් පන්දු 25කදී ලකුණු 42ක් ලබා ගත්තද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් කලීඩ් අහමඩ් ලකුණු 30 කට කඩුලු තුනක් ද ශර්දූල් තාකූර් ලකුණු 44 ට කඩුලු දෙකක්ද දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment