වෝනර් සහ හෙඩ්ගේ වාර්තාගත සබඳතාවෙන් එංගලන්තයට 3-0ක පරාජයක්

155

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ආරම්භක කඩුල්ල සඳහා දෙවන වරටත් ලකුණු 250 සීමාව ඉක්මවූ දෙවන පිතිකරු යුගලය බවට පත්වෙමින් එංගලන්තයට එරෙහිව ටේ‍රවිස් හෙඩ් සහ ඩේවිඩ් වෝනර් දෙදෙනා පිහිටු වූ සම්බන්ධතාවය හේතුවෙන් එංගලන්තයට එරෙහිව ලකුණු 221 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ඔස්ටේ්‍රලියාවට හැකි විය.

ඒ සමගම දෙරට අතර පැවැති තරග තුනකින් යුත් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔස්ටේ්‍රලියාව සමත් වූ අතර ඩේවිඩ් වෝනර් සහ ටේ‍රවිස් හෙඩ් දෙදෙනා මෙම තරගයේ දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 269ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

ඔස්ටේ්‍රලියාව පන්දුවාර 48 කදී ලකුණු කඩුලු 5 කට ලකුණු 355 ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලබා ගෙන සිටියේ ලකුණු 142ක් පමණි. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔස්ටේ්‍රලියාවට ජය හිමිවිණි. ටේ‍රවිස් හෙඩ් ලකුණු 152 ක් ලබාගත් අතර ඩේවිඩ් වෝනර් ලකුණු 106ක් ලබා ගත්තේ 2020 ජනවාරි මාසයට පසුව ජාත්‍යන්තර තරගයකදී ශතකයක් ලබාගත් පළමු අවස්ථාව සටහන් කරමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment