වෝනර් සියයට දෙසීයයි වාර්තා ගොඩයි

343

සිය 100 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව දෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඔස්‌ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඊයේ (27 වැනිදා) සමත් වූයේය.

එසේම එම ශතකය ක්‍රීඩකයෙකුගේ 100 වන ටෙස්ට් තරගයකදී ශතකයක් වාර්තා වූ 11 වැනි අවස්ථාව වූ අතර ඔස්‌ට්‍රේලියාවේ රිකී පොන්ටින් තමාගේ 100 වන තරගයේ ඉනිම් දෙකේ දීම ශතක වාර්තා කර ඇති අතර එම දස්කම ද දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්‌ට්‍රේලියාවේදී දක්වා තිබුණි.

මෙම ශතකය ඩේවිඩ් වෝනර් වසර තුනකට ආසන්න කාලයක් තුළ ලබාගත් පළමු ටෙස්ට් ශතකය වූ අතර පොන්ටින්ට පසුව ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් 100 වන තරගයේ ශතකයක් ලැබූ පළමු පිතිකරුවා ද ඔහු වේ. එසේම වෝනර් තමාගේ 100 වන එක් දින අන්තර්ජාතික තරගයේ දී ද ශතකයක් වාර්තා කර ඇති අතර ඒ අනුව එක් දින සහ ටෙස්ට් යන තරග අංශ දෙකේම සිය සියවන තරගයේ දී ශතකයක් ලැබූ ලොව දෙවන පිතිකරුවා ලෙස ද වෝනර් ඉතිහාසයට එක් වේ.

ඊට පෙර එම දස්කම පෙන්වා තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් හි ගෝඩ්න් ග්‍රිනිජ් ය. ඊයෙ ඉනිමත් සමඟ ටෙස්ට් ලකුණු 8000 ඉක්මවා යෑමට වෝනර් සමත් වූ අතර එවැනි දස්කමක් කළ ඔස්ටේ්‍රලියාවේ 8 වෙනි පිතිකරුවා ලෙස ද වෝනර්ගේ නම ඉතිහාසයට එක් වූයේය.

100 වන ටෙස්ට් තරඟයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා එංගලන්තයේ ජෝ රූට් වේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්‌ට්‍රේලියාවේ මෙල්බන් හි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දිනයේදී වෝනර් එම දස්කම් දැක් වූ අතර ඊයේ තරගය නතර කරන විට ඔස්‌ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියේය. දකුණු අප්‍රිකාව පළමු ඉනිමේ දී ලකුණු 189කට සියලු දෙනා දැවී ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment