ශර්මිලා සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වෙයි

412

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කලහ කාරී ලෙස හැසිරුන සේවකයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඔවුන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා තෙක් තමා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් වන බව ශර්මිලා රාජපක්ෂ මහත්මිය ජනාධිපති ලේකම්වරයාට සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සදහන් කරයි. ඉකුත් 20 වැනිදා එම ලිපිය යවා ඇති අතර ලිපිය මගින් ඉල්ලා ඇත්තේ දින 14ක් ඇතුලත පරීක්ෂණයක් පවත්වා තමාට රාජකාරි කිරීම සඳහා නිසි වාතාවරණයක් ඇති කර දෙන ලෙසය. එසේ නොමැති වුවහොත් තමා සිය තනතුරින් ඉල්ලා අස්වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment