ශරීරයේ සමබරතාව අඩපණ කරන රෝග

1167

ජීවිතය ජීවත් වන්න නිරෝගිමත් වන්න ශරීරය තුළ ජීවශක්තිය දුර්වල වීම අසමතුලිතාව නොහොත් සමතුලිතභාවය බිඳ වැටීම ජීවන රටාවේ අසිපත වීමක් ගෙනදෙනවා. එනම් ගමන් විලාසය ශක්තිමත් භාවයෙන් තොරව වැටෙන්න යනවා, විසිවෙන්න යනවා, කරකැවිල්ල ඇතිවීම මෙවැනි තත්ත්වයන්  රෝගියකුට හටගන්න පුළුවන් මූලික හේතු වූ රෝගී තත්ත්ව මොනවා දැයි බලමු.

 කරකැවිල්ල හට ගැනීම සාමාන්‍ය රෝගී තත්ත්වයක්. සමහරුන්ට මෙය නිතර හට ගන්නවා. අධික විඩාව දරන්න බැරි තරම් වැඩ ගොඩක් කිරීම, ආතතිය රෝගී භාවය නිසා ඇඟ දුර්වල වීම, දිගින් දිගටම බෙහෙත් ගැනීම යනාදියේදී කරුණු පිළිබඳ තත්ත්වයන් හට ගන්නවා.

ශරීරයේ සමබරතාව අඩපණ කරන රෝග

කෙනකු හදිසියේ කතා කරගන්න බැරිව ගොස් ඇවිද ගැනීමට අපහසු වී ශරීරයේ සමබරතාවය ගිලිහී ගොස් කරකැවිල්ල හැදුනොත් එය ආඝාතය නිසා වන්න පුළුවන්. ආඝාතය හෙවත් අංශභාගය හට ගැනීම එකවිට ශරීරයේ සමබරභාවය ගිලිහී යනවා. ඒ නිසා රෝගියා ඇවිදීමේදී ඇද වැටෙනවා. සමහර විට අධික විඩාවන් දැනෙනවා. එයට හේතුව කොලෙස්ටරෝල් හෝ කැල්සියම් බැඳී මොළයේ නාළ අවහිර වීමක් විය හැකියි. ආඝාතය හට ගන්නා විට ලක්වන තැනැත්තාගේ පෙනීම අඩුවී යනවා.

 ඒ වගේම මොළය තල මස්තිෂ්කය ඇතිවන විවිධ රසායනික හා ව්‍යුහාත්මක වෙනස්කම්ද අපේ සමබරතාවය ගිලිහියෑමට හේතු වනවා.

 පාකින්සන්

 පාකින්සන් රෝගී තත්ත්වයද එවැනි වෙනස්කම් ගෙනදෙන රෝගී තත්ත්වයක්. මොළයේ ස්නායු සෛලවල රසායනික ඩොපැමින් වූ රසායනික සංයෝගය ක්ෂය වී යෑම ශරීරයේ සමබරතාවය ගිලිහි යෑම හේතු වනවා. මූලික ලක්ෂණය ලෙස මාපට ඇඟිල්ල වෙව්ලීම, දිවේ නොයෙකුත් චලන ඇතිවීම, කථාව ගොත ගැසීම, ගමන් විලාසය මන්දගාමී වීම, ක්‍රමක්‍රමයෙන් එකවර නැඟිටීමට අපහසු වීම, මලබද්ධය, කේන්ති යෑම, මුත්‍රා පහ කිරීමේදී ඇතිවන වෙනස්කම් මූලිකව ඇතිවන්නාවූ රෝග ලක්ෂණ ලෙස සැලකිය හැක.

 ඩිමෙන්ෂියා

 මේ සමග ඩිමෙන්ෂිය වැනි රෝග තත්ත්වයන්ට පත්වීමද සිදුවිය හැක. එමෙන්ම සිරුරෙන්ම සැදෙන ප්‍රතිදේහවල ගැටලු නිසා මධ්‍ය ස්නායු පද්ධතීන්ගේ කැළැල් හට ගැනීම මල්ටිපල් ස්ක්ලොරෝසිස් නමින් හඳුන්වනවා. මෙහිදී ඇසේ ස්නායුව, කුඩා මොළය හෙවත් අනුමස්තිෂ්කය හා සුෂුම්නාවේ කැළැල් හට ගැනීම විවිධ වූ ආබාධ අපට පෙන්වනවා. විශේෂයෙන් කුඩා මොළය කැළල් ඇති වූ අවස්ථාවක පුද්ගලයකුට එකවර විසිවී යන ස්වභාවයන් ඇතිවිය හැකිය. එනම් කෙනකුට තම සිරුරේ සමබරතාවය බිඳීගොස් ඇවිදීමට අපහසු තත්ත්වයක් ඇතිවිය හැකිය.

 ආතරයිටිස්

 ආතරයිටිස් වැනි රෝගවලදී බෙල්ලේ හා කොන්දේ ඇතිවන විවිධ වූ වෙනස් කම් නිසා කල්යෑමේදී ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම එනම් කාටිලේජ් ගෙවීයෑමත් සමග ස්නායු තෙරපීම, කපාල රුධිර නාළ අවහිර වීම, සමබරතාවය ගිලිහි යෑමට හේතු සාධක වන්න පුළුවන්. ඉන් වෙනස්කම් ඇතිවීම නිසා ශරීරයේ සමබරතාවය ගිලිහීයෑමට හේතු සාධක වන්න පුළුවන්. ඒ සඳහා බලපාන වෙනස්කම් ලෙස Cervical lumbar spondylosis ,Osteoporosis , Spinal stenosis තත්ත්ව හැඳින්විය හැකිය.

 ඒ වගේම රුධිර පීඩනය වෙනස්කම් තයිරොක්සින් හොර්මොන් වෙනස්කම්, විටමින් B12 අඩුවීම, මානසික ආතතිය, කන තුළ ඇතිවන විවිධ වූ වෙනස්කම්, පෙනීමේ ඇතිවන වෙනස්කම්, දියවැඩියාව රුධිර ගත සීනි තත්ත්වය අඩු, වැඩි වැනි තත්ත්වවලදීත් සමබරතාවය ගිලිහී යෑම, වැටෙන්න යෑම වැනි ප්‍රධාන රෝග ලක්ෂණ සමග විවිධ වූ රෝග ලක්ෂණ දැකිය හැකිය.

 මේ කුමන ආකාරයක රෝග ලක්ෂණ විවිධ වූ රෝග තත්ත්වවලදී දැකිය හැකි වුවත් හෝමියෝපති මූලධර්මයට අනුව රෝග ලක්ෂණය වඩා වැදගත් වීම වැදගත් වනවා. රෝගී වූ හේතු සාධකය නැති කිරීමට රෝගියාගේ හිසේ සිට දෙපතුළ දක්වාම කායික හා මානසික රෝග ලක්ෂණ නිවැරදිව ගෙන වෛද්‍යවරයාගේ දක්ෂතාවය මත නිවැරදිව ගෙන රෝග ලක්ෂණයට සමාන ඖෂධ හා ඖෂධීය බලය දීම තළ රෝගී තත්ත්වය කුමක් වුවත් එම ඖෂධීය ක්‍රියාකාරිත්වය තුළ රෝග ලක්ෂණය පහව යන්නේ රෝගි ලක්ෂණයන්ට ගෙන දීමට හේතු සාධක වූ ව්‍යුහාත්මක හා රසායනික වෙනස්කම ක්‍රමක්‍රමයෙන් යථාතත්ත්වයට නැවත සැකසීම ඇතිවීම තුළින්ය. මේ සඳහා රෝගියාගේද රෝගය පිළිබඳ දැනුවත්භාවය, ඉවසීම අපගේ වෛද්‍ය ක්‍රමය පිළිබඳ විශ්වාසය තිබීම ඉතාම ඉතාම වැදගත් බව අවධානය කළ යුතුව ඇත.

 සුවකළ නොහැකියි පවසන රෝගී තත්ත්වවල සුවය හටගැනීමේදී නැවත පෙර මෙන් කථා කිරීමේ හැකියාව, වැටෙන්න යන කෙනා දැන් නොවැටී සමබරතාවයට ක්‍රමක්‍රමයෙන් පත්වීම. මතක ශක්තිය වර්ධනය වීම, ගමන වේගවත් වීම වැනි සතුටුදායික වූ සුවය මෙම ප්‍රතිකාර මගින් ඔබට අත්විඳිය හැකිය.

 පාවිච්චියට පහසු, අතුරු ආබාධ නොමැති මෙම ප්‍රතිකාර මගින් ඔබට තිබෙන රෝගී තත්ත්වය මෙන්ම, ඔබ නොදැන ඇතිවිය හැකි රෝගද වළකන අතර ප්‍රතිශක්තිය ගොඩනැඟීම තුළ රෝගය පමණක් නොව රෝගියා යන පුද්ගලයාවම සුවපත් කිරීමේ මෙම හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේ සුවිශේෂීත්වය වනු ඇත.

 වැඩිදුර උපදෙස් දුරකතන අංක 071 8250717 මගින් ලබාගත හැකිය.

ශරීරයේ සමබරතාව අඩපණ කරන රෝග

advertistmentadvertistment
advertistmentadvertistment