ශලනි පෙම්වතියද…. සචින් උත්තර දෙයි

560

‘කියා දෙන්න ආදරේ’ ටෙලි නාට්‍ය හරහා ඔබ හමුවට එන සචින් ලියනගේ තවමත් ක්‍ෂේත‍්‍රයට නවකයෙක්. මේ දිනවල සමාජ මාධ්‍යවල ඔහු ගැන එක එක කතන්දර පැතිරෙනව. මේ ගැන වගේම අලූත් තොරතුරු ටිකක් දැනගන්න මීවිත සචින් සමග මේ විදිහට කතාබහකට මුලපිරුවා.

සචින්… මොකද වෙන්නෙ?

 මේ දවස්වල ‘කියා දෙන්න ආදරේ’ ටෙලි නාට්‍යයේ වගේම තවත් අලූත් නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා.

 නිර්වාන්ට ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?

 දැනට මාස දෙකක විතර ඉඳන් ටිකක් බැනුම් අහන්න වෙලා තියෙනව මූණ බෙරිකරගෙන එකතැනම ඉන්නව කියල. ඒත් ඒක පිටපතේ තියෙන චරිතයේ ස්වභාවය.

 නිර්වාන් සහ සචින් අතර සමානකම් තියෙනවද?

 මුල් කාලෙ නම් සමානකම් තිබුණ. දැන් නම් ඒ තත්ත්වය වෙනස් වෙලා. සචින් ලියනගේ කියන චරිතය අභියෝග වලට කිසි බයක් නැහැ. කෙලින් කතා කරනව.

ශලනි පෙම්වතියද.... සචින් උත්තර දෙයි

නිරූපණයෙන් ඈත්වෙලාද?

මම නිරූපණ ක්‍ෂේත‍්‍රයේ හිටියෙ මාස හයක් විතර වගේ. ඒ කාලෙම මම ඒ ක්‍ෂේත‍්‍රයෙන් ඈත් වුණා.

නිරූපණයට ආවෙ රඟපෑමට මගක් සොයාගන්නද?

නිරූපන ක්‍ෂේත‍්‍රයට එනකොට මට එහෙම අදහසක් තිබුණෙ නැහැ. නමුත් බොහෝ දෙනෙක් කිව්වා නිරූපණයට සම්බන්ධ වෙලා ඉන්නකොට රඟපාන්න අවස්ථා ඒවි කියල. ඒ කතාත් එක්ක රංගනය ගැන යම්කිසි බලාපොරොත්තුවක් ඇති වුණා.

රූපරචනා සහ වෙළෙඳ දැන්වීම්?

ඉස්සර නම් මාසෙට වෙළෙඳ දැන්වීම් තුනහතරක් කරනව. දැන් නම් තෝරාබේරාගෙන තමයි ඒවා භාරගන්නෙ. මොකද දැන් පොඩි ප‍්‍රසිද්ධියක් තියෙන නිසා ගිවිසුම් වලට හිරවෙන්න බැහැ. එහෙම වුණොත් ගොඩක් වැඩ මගහැරෙනව. රූප රචනාත් එහෙමයි. හොඳ වැඩක් එක්ක හොඳ චරිතයක් ලැබුණොත් තමයි භාර ගන්නෙ.

ජනප‍්‍රියත්වය දැනෙන්නෙ කොහොමද?

ඇත්තටම ඒ ගැන ලොකු අදහසක් නැහැ. ජනප‍්‍රියත්වය කියන දේ මෙතෙක් කාලෙකට ක්‍ෂේත‍්‍රයට පැමිණි හැම නළුවෙක්ටම නිළියෙක්ටම ලැබුණ දෙයක්. ඒ ජනප‍්‍රියත්වය ඇතිවුණා වගේම නැතිවෙලත් තියෙනව. මගේ මතයක් තියෙනව මම කරන වැඩ ලංකාවේ හිට් එකක් වෙන්න ඕන සහ ඒ කරන චරිතය හොඳට කළා කියන එක අහන්න ලැබෙන්න ඕන. අපේ වචනෙන් කියනව නම් පත්තු වෙන්න ඕන. හැමදාම ජනප‍්‍රිය වෙලා ඉන්න බැහැ වගේම ජනප‍්‍රියත්වයක් නොලැබී තියෙන්නෙත් නැහැ.

ශලනි පෙම්වතියද.... සචින් උත්තර දෙයි

රයිගම් සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා සම්මානය නොලැබීම ගැන දුකක් තියෙනවද?

ඒ ගැන කිසිම දුකක් නැහැ. මම එතන හිටියෙත් හිනාවෙවීමයි. මම ගොඩක් අයට කිව්වෙ මට ඒක එපා නිර්දේශ වුණ එකම ඇති කියල. මම රඟපාපු පළමුවැනි ප‍්‍රධාන චරිතයෙන්ම මේ වගේ තැනක් ලැබුණ එක ලොකු ජයග‍්‍රහණයක්.

නමුත් උළෙලට ගියේ සම්මානය බලාපොරොත්තුවෙන්මයි?

මම කිසිම වෙලාවක කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු- වෙන්නෙ නැහැ. ඒ වගේම සම්මාන උළෙලකිනුත් මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. රංගන ශිල්පියෙක් වුණාම සම්මානයක් ගන්න වැඩකරන එක වෙනම දෙයක්. නමුත් සම්මානයක් ගත්ත කියල ගොඩක් දේවල් වෙනස් වෙන්නෙ නැහැ. යම් කිසි වටිනාකමක් එකතු වෙන්න පුළුවන්. කුසල්ට ඒක ලැබුණ එක ගැන මම පෞද්ගලිකව සතුටු වෙනව. ඔහු හොඳ ජනප‍්‍රියත්වයක් තියෙන නළුවෙක්.

නවකයෙක් හැටියට ක්‍ෂේත‍්‍රය දකින්නෙ කොහොමද?

මම ක්‍ෂේත‍්‍රයට එද්දි ගොඩක් දෙනෙක් කිව්වෙ මේකෙ ඉන්න අමාරුයි” කැපිලි තියෙනව කියල. තවත් සමහර අය කිව්ව ජනප‍්‍රියත්වයට පත්වෙද්දි තරහකාරයො වැඩිවෙයි කියල. ඇත්තටම අද වන විට ඒ තුළ යම්කිසි ඇත්තක් දකිනව. මට කලාව තුළ පොරක් වෙලා ලොකු ලොකු- දේවල් කරන්න ඕන නැහැ. කරන වැඬේ හරියට කරන්නයි උත්සාහ කරන්නෙ.

කලකිරීම් තියෙනවද?

මම ජනප‍්‍රියම නළුවාට නිර්දේශ වීමෙන් පසුව මගේ ළඟින් හිටපු සමහර අයත් වෙනස් වෙන්න පටන් අරගෙන. නමුත් මම ඒ ගැන කලකිරෙන්නෙ නැහැ. කලාව හොඳ තැනක්. නමුත් මට නිතරම හිතෙන දෙයක් තමයි තව කෙනෙක් ඉදිරියට එනවට අකමැති ඇයි කියන එක. කලාවේ අනාගතය තියෙන්නෙ නවකයන් අතේ. ඔවුන් කාලයක් යද්දි ප‍්‍රවීණයන් වෙනව. ඒ ප‍්‍රවීණයන් අතරට තව නවකයන් එනව. ඒ නවකයන්ට ප‍්‍රවීණයන් උදව් කරන්න ඕන. නවක නවක අයත් උදව්කරගෙන සමගියෙන් සතුටින් මේ ගමන යන්න ඕන. මේ සමගියේ අඩුව මම අද දකිනව.

ශලනිට ලැබුණ සම්මානය ගැන අදහස?

ශලනි කියන්නෙ මට ක්‍ෂේත‍්‍රයේ ඉන්න හොඳම යාළුවා. දවස ගානෙ මුණගැහෙන යාළුවෙක්. මට ක්‍ෂේත‍්‍රය ගැන ගොඩක් දේවල් කියල දෙන්නෙ ඇය. මම ශලනිට කිය කිය හිටියෙ මේ වතාවෙත් ඔයාට මේ සම්මානය ලැබෙන්න ඕන කියල. ඇය ලංකාවේ ඉන්න ජනප‍්‍රියම සහ දක්‍ෂ නිළියක්. ඇයට සම්මානය ලැබීම ගැන ලොකු සතුටක් මට තියෙනව.

ශලනි සහ ඔබ පෙම්වතුන් බවට පැතිරෙන කතාවේ ඇත්තක් තියෙනවද?

එහෙම දෙයක් නැහැ. අපි ගොඩක් වෙලාවට ඉන්නෙ එකට. සතියට දවස් ත-නහතරක් මුණගැහෙනව.

දර්ශනතල වලදිත් මුණගැහෙනව.

අපි අපේ ෆොටෝස් පලකරනව. මේ කාරණා නිසා තමයි එහෙම කතාවක් යන්නෙ. අපි හොඳ යාළුවො.

ඇයගෙන් ආදර යෝජනාවක් ආවොත්?

මේ ප‍්‍රශ්නය ගොඩක් දෙනෙක් මගෙන් අහල තියෙනව. ඇය එහෙම යෝජනාවක් කරයි කියල මම හිතන්නෙ නැහැ. අපි අතර තියෙන්නෙ හොඳ යාළුකමක්. එතනින් එහාට ලොකු දෙයක් වෙන එකක් නැහැ.

ඉදිරි සැලසුම්?

මට අදහසක් තියෙනව සිනමාවට එන්න. ඒ වෙනුවෙන් ටෙලි නාට්‍ය හරහා සහ මම දායක වන විවිධ නිර්මාණ හරහා අත්දැකීම් ලබාගන්නව. ඉදිරියේදී මම කලාව ගැන තව තවත් අධ්‍යයනය කරාවි. කලාව කියන්නෙ කවදාවත් ඉගෙනගෙන ඉවරකරන්න බැරි විෂයයක්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment